IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කටුගස්තොට කුණු කන්දත් අවදානම් තත්ත්වයේ

(මොහොමඩ් ආසික්)

මහනුවර  මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක කැළි කසල බැහැර කිරීමට යොදා ගනු ලබන කටුගස්තොට ගොහාගොඩ තේක්කවත්තේ පිහිටි කුණු කන්ද ද අවදානම් තත්වයේ පවතින බවත් එමගින් දැඩි පරිසරික හානියක් සිදු වන බවත් ප්‍රදේශවාසීහු පවසති.

හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ  පිහිටි මෙම ඉඩම 1931 වැනි ඈත කාලයේ මහනුවර මහ නගර සභාවට ගැසට් පත්‍රයක් මගින් පවරා ගෙන ඇති බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති. මේ සම්බන්ධයෙන් සොයා බලන්නට පසුගියදා එහි ගිය අපට හමු වූ එම ප්‍රදේශයේ පදිංචි කරුණාතිලක මැදගොඩ මහතා ප්‍රකාශ මෙසේ කීය.

‘‘මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයේ වගේම තවත් පළාත් පාලන ආයතනවල කැළි කසල අපද්‍රව්‍ය සියල්ල මෙම ස්ථානයට බැහැර කිරීම නිසා මේ අසල පදිංචි කුඩා දරුවන් ඇතුළු බොහෝ දෙනෙකු විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙනවා. ඒ වගේම මහනුවර හා තදාසන්න ජල  යෝජනා ක්‍රමයට ජලය ලබා ගන්නා මහවැලි ගඟ පිහිටා තිබෙනවා. මෙම කසල කන්දෙන් ගලා යන අප ජලය මහ වැලි ගඟට මුසු වෙනවා. එම නිසා විශාල පාරිසරික හානියක් වෙනවා. අපි හුඟක් ඉස්සර ඉදන්ම මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් වග කිව යුතු අංශ දැනුවත් කළත් කිසිම පිළියමක් ලබා දීලා නෑ. 

අපි මේ ස්ථානයේ කසල දාන්න එපා කියලා කියන්නේ නෑ. නමුත් මේ වටේ ජීවත් වන ජනතාවට හානියක් නොවන ආකාරයට ඒක කරන්න කියලයි ඉල්ලන්නේ. මේ ස්ථානයේ කසල ප්‍රතිචක්‍රිකරණ ව්‍යපෘති කිහිපයක්ම ආරම්භ කළත් ඒ එකක්වත් ස්ථීර වෙලා නෑ.‘‘ ඒ නිසා තවමත් මේ කසල කන්ද අවදානම් තත්වයේ පවතින බවත්   ඇතැම් අවස්ථාවල මෙම ස්ථානයේ ගලී හලන බවද ඔහු කීය.

මෙම කසල කන්දේ දුර්ගන්ධය කිලෝ මිටර් ගණනක් දුරට විහිදෙන අයුරු එහි යන අයට විද  ගන්නට ලැබේ.  මෙම කසල කන්දෙන් ගලා යන අප ජලය මහවැලි ගඟට මුසු වී සිදුවන පාරිසරික හානිය වගේම පානීය ජලය සමඟ මුසු වීම නිසා කෙතරම් හානිකර තත්වයන් ඇති වන්නේද යන්න කිව  නොහැකි බවද ප්‍රදේශවාසීහූ කියති. ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම ස්ථානයේ විධිමත් කසල ප්‍රතිචක්‍රීය ක්‍රමවේදයක් සකස් කර ජනතාවට පීඩාවක් නොවන ආකාරයෙන් කසල බැහැර කිරීමට කටයුතු කරන්නේ නම් තමන්ට තාවකාලිකව හෝ අස්වැසිල්ලක්  ලැබෙන බවයි.



අදහස් (2)

කටුගස්තොට කුණු කන්දත් අවදානම් තත්ත්වයේ

menna Sunday, 23 April 2017 01:03 PM

මේ පේන්නේ ලාංකිකයාගේ මානසිකත්වයයි. මොකට පන්සල් පල්ලි යනවද? ඉන්න තැන ඉන්න රට අපිරිසිදු කරගෙන? හැමතැනම කතා කරන්නේ හිත පිරිසිදු කර ගන්න හැටි, හිත කෙසේවෙතත්, ඉන්න තැන පිරිසිදු කරගන්න හැටි උගන්නන වෙනවා.

:       0       0

da silva berlin Sunday, 23 April 2017 01:05 PM

දැන්ම මේ ගැන හොයන එකක් නැහැ. මේ කුණු කන්ද පුපුරලා... නාය ගිහින් ගෙවල් 100 ක් විතර කැඩිලා මිනිස්සු 50-60 ක් මැරිලා... මේකෙ තිබෙන කුණු ජරාව වලින් මහවැලි ගඟේ ජලය දුෂණය වුනාට පස්සේ අගමැති ඒවි බලන්න. ඊට පස්සේ ලොක්කා හැමෝටම වන්දි ගෙවල ගෙවල් හදල දෙන්න කියල අණ කරාවි.. හරියට සල්ලි එයාගේ අතින් වියදම් කරනවා වගේ ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site