( මනෝප්රිය ගුණසේකර)
රත්නපුර කොටකෙතන ප්රදේශයේදී 17 හැවිරිදි කවිද්යා චතුරංගනී සෙල්ලහේවා සහ ඇගේ මව වන නයනා කුමාරි(52) ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අශෝකා චාන්දනී කුමාරි නොහොත් බට්ටි නැමැත්තිය නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (25) නියෝග කළේය.
වසර පහ හමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටි මෙම විත්තිකාරියට එරෙහි පැවැති කිසිඳු චෝදනාවක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට නොමැති නිසා විත්ති වාචිකයක් නොකැඳවාම ඇය නිදහස් කිරීමටම මහෙස්ත්රාත්වරයා නියෝග කළේය.
විත්තිකාරියගේ සැමියා වන ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් විත්ති වාචිකයක් කැඳවීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුව ලබව නොවැම්බර් 01 වැනිදා යළි කැඳවීමට නියම කළ අතර විත්තිකරු එතෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළේය.
COMMENTS
නීතියේ තිබෙන යම් යම් දුර්වලතා ඉදිරියේ බේරුනත් හෘද සාක්ෂියෙන් බේරුමක් නැතිබව තරයේ හිතට ගත්තොත් තමා හොඳා
පොලිසියෙන් උපරිම සහය ලැබිලා තියෙනවා මේ අපරාධකරුවන්ට නිදහස් වෙන්න. මරණ දඬුවම් නියම වෙන්න ඕනෑ.. කුඩු කාරයින්, මිනී මරුවන් ඇස් පනාපිට මිනී මරලා පොලීසියෙන් සාක්ෂි වසන් කළාම නිදහස් වෙනවා. එ්ක මරු...
තම අම්ම මර දමන විට මේ දුවණිය දිවි හිමියෙන් එතනට කඩ වැදුන බට්ටි නමැති සැකකාරිය ඉදිරිපිට මෙය සිදු වුණ මැයත් අනිවාර්යෙන්ම වග කිව යුතු වෙනවා මේ සිද්දියට මුල් උනේ සැකයක් කුඩු ළඟ තබාගෙන මැගසින් එකේ වැඩකළ රාජුගේ සහෝදරයාගේ පුතා අසු උන නිසා ඇති උන සැකයක් මොහුගේ සහෝදරය ඇමති තුමාගේ පුද්ගලික ලේකම් ඔහුව නිදහස් කොට සිංගප්පුරුවට යැවුන ඔහු නිදහස් නොකළ නම් පක්ෂය මාරු කරන්න ඇමති තීරණය කල නිසා හිටපුන් ආරක්ෂක ලේකම් කෙතරම් කෙලින් වැඩ කලත් බැරි වුණා
නීතිය සියුමැලිද මෙතරම්... හිතන්නටවත් බැරි නිසා... මම ගියා සක් දෙවියෝ බලන්නට මොකද මේ සිදුවුණේ කියා...
ඇමතියා තම ලේකම් වූ කුඩු විකුණන මිනීමරුවාව සිංගප්පූරුවට යැව්වා. ඔන්න නීතිය... කාගේ කාලේද මේවා වුනේ?
මේක ඉතාලිය නොවෙයි, ධර්මද්වීපය.