(ඉන්දිකා රාමනායක)
රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වශයෙන් හැදින්වෙන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන බවට ලැබුණු පැමිණිල්ලක් විමර්ශන සදහා වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා විසින් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය බාරයේ සිටි කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන බවත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා මාගල්කන්දේ සුදත්ත හිමියන් පසුගියදා පොලිස් මුලස්ථානයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
කොළඹ අපරාධ කොට්ඨසයේ දී කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ උපන්දිනය ද සමරා ඇති බවටත් පොලිස් නිලධාරීන් සමඟ සිනා සෙමින් කථා කරමින් සිටින වීඩියෝ පටක් ද සමඟ සුදත්ත හිමියන්ගේ මෙම පැමිණිල්ලේ ඉදිරිපත් කර තිබුණි.
වැඩබලන පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වෙත යොමු කර ඇති එම පැමිණිල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු යටතේ විභාග කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම පරීක්ෂණයෙ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග සම්බන්ධකම් පවත්වා ඇති බවට හෙළි වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි කි‍්‍රයා මාර්ගා ගන්නා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඉතින් අත්දෙකේ ඇඟිලි ගානට නිලධාරීන් ටිකක් ඉතුරුවෙයි පරීක්ෂණ නොකරන්න. එතරම්ම මහජන ආරක්ෂාවට තිබෙන මෙම ආයතනය "අපිරිසිදු හා වංක" සේවකයන්ගෙන් පිරි ඉතිරී ඇතිබව නොරහසකි.
ලෝක හොරු ඉන්න තැනක්... ජරාවෙන් පිරුණු අායතනයක්..
බොරුවැඩ නොකර ඉන්න මෙයාලා. ඔය කුඩ්ඩන්ට රැකවරණය දුන්නු අයව අල්ලගන්න බැරිව මේ මොන විහිළු වැඩද?
ඔය කොයි කොයි පොලිස් නිලධාරියත් මොටර්සයිකලයක් පදින සාමාන්‍ය තරුණයෙකුට මහමගදී සුළු හෝ මාර්ග නීතියක් කඩකළ විට දාන රැස් අන්තර්ජාලයෙන්ම බලාගන්න පුළුවන්... නමුත් ලංකාවේ කුඩු රජාත් එක්ක එකට පාටිදානවා. මිනිස්සු හිතන්නේ කන්ජිපානිට දැන් පොලිසිය හොඳට සලකනවා ඇති කියලා.. මේවට හිනාවෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බැහැ. ඔය දෙපාර්තමේන්තුවෙන් දුප්පතාට අසරණයට තමයි සේරම හිරිහැර...
ඔතන ඉන්න අය ලොකු ලොකු මෝරු අල්ලාගෙන සුපිරි ජීවිත ගෙවනවා.. සල්ලි කාරයෙක් ඔතැනට ගියාම තියන සැලකිලි එයා එළියේ හිටියත් ගන්න බැහැ.. ඒ නිසා ඔය බොරු පරීක්ෂණ කරන්න එපා. මොකද සම්බන්ධකම් පැවැත්වූයේ මුස්ලිම් කෙනෙක් එක්ක.. ඕක තව සති දෙකෙන් ඔක්කෝටම අමතකයි.
මේ රටේ පාලකයොත් ඒකේ නීතිය ක්‍රියාත්මක කරන ඔක්කොමත් රට අගාධයට ගෙනියනවා නේද ?
ඉස්සර කොළඹ අපරාධ කොට්ටාශයෙන් ගිහින් හිටපු පොලිස්පති කෙනෙක් කුඩු ලොක්කෙකු එක්ක කරපු පාටි දැමිලි අල්ල ගත්ත. දැන් පොලිස්පති ගිහින් කොළඹ අපරාධ කොට්ටාශයේ කට්ටිය කුඩු ලොක්කොත් එක්ක කරන පාටි දැමිලි අල්ලනවා. අහෝ දෛවයක සරදම!
සාමාන්‍ය ජනයාට හරියට පැමිණිල්ලක් දාගන්නවත් බැහැ. මේ වගේ පොලිස් කාරයෝ හින්ද. කුඩු විකුණන එකෙක් ගැන පොලිසියට පැමිණිල්ලක් දැම්මොත් ,අනිත් පැත්තෙන් කුඩු මුදලාලි එනවා පැමිණිල්ල දාපු කෙනාගේ ගෙදරට පිස්තොලත් එක්ක. සාමාන්‍ය ජනයා රකින්න ඉන්න පොලිසිය කුඩු මුදලාලිලා රක්කහම රටක් විනාශ වෙන්නේ ඉබේම.
කංජිපානි දැකලවත් නැති අය කිහිප දෙනෙක් අහුවේවි...
ඒකත් පොඩි මිනිහාට හෝ නිලධාරීන්ට තමයි. අර මධූෂ්ලා එක්ක ගනුදෙනු කරමින් එළිපිට එකට වැඩ කරපු මාතර පොහොට්ටුවේ මන්ත්‍රී ඇතුලු අනිත් මන්ත්‍රීලා, ඇමතිලා ගැන නිකමටවත් පරීක්ශණයක් කළාද? මේවත් නිකන් අර පොල්ගෙඩි නඩු වගේ තමයි...
රටේ නමගිය අපරාධකරුවන් හා රැකවරණ දුන් අය මේ වෙනකොට නඩු තීන්දු වෙලා ඇතුලේ ඉන්න ඕනෑ. අන්තවාදී ආගම්, ත්‍රස්තවාදීන්, කුඩු රජවරු, කුලියට මිනීමරන අය රඟන්නේ ඉතා අකාර්යක්ෂම හා ඉතා දූෂිත නිලධාරීන් දෙපාර්තමේන්තුවේ ඉන්න නිසා. දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවයන් ඉටුකරන මහජන මුදලින් නඩත්තුවෙන ආයතනනයක්...
පොලිසිය? දෙවරක් සිතන්න.
ඇයි කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ දේශපාලකයන් ගැන කිසිම පරීක්ෂණයක් නැද්ද? ඔවුන්ට පාස්පෝර්ට් හදලා දුන්, ගුවන් තොටුපොළට රැගෙනගිය දේශපාලකයිනුත් ඉන්නවනේ...