(දයාරත්න ඇඹෝගම)
අපේ යහපාලන රජයට මෙතෙක් වැඩ කරන්නට නොදි කකුලෙන් ඇදපු අය 16 දෙනෙක් අද ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවසීය.
අනුරාධපුර කටුකැලියාව මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීමේ අවස්ථාවට අද (8) සහභාගී වෙමින් ඔහු මෙසේ පැවසීය.
ජනාධිපතිතුමන්ටත් එක්සත් ජාතික පක්ෂයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ජනතාව පසුගිය මැතිවරණයේ දී සිග්නල් එකක් දුන්නා. මේ සිග්නල් වලින් අපි පාඩමක් ඉගෙන ගත්තේ නැත්නම් ජනතාව අපිට ඊළගට සිග්නල් දෙන්නේ නෑ. කෙලින්ම ගෙදර යවන්න ජනතාව කටයුතු කරයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.
සිංහල, දෙමළ හා මුස්ලිම් සියලුම රටේ ජනතාව මේ රටේ යහපාලනයක් ඇති කෙරුවේ මහා විශ්වාසයක් තියාගෙන, ඔවුන් ජනාධිපතිතුමන්ට, අගමැතිතුමන්ට හා කැබිනට් මණ්ඩලයට ඡන්දය ලබා දෙමින් ඔවුන් පත් කෙරුවේ විශාල විශ්වාසයකින්.
අපේ යහපාලන රජයේ තුන්වැනි වසර දැන් ගෙවීගෙන යන්නේ අපේම රජයේ ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා මැති ඇමැතිවරු පහුගිය කාලයේ කිව්වා අපිට වැඩ කරන්න අවස්ථාවක් දෙන්නේ නෑ කියලා. අපේම අය අපේ කකුලෙන් අදිනවා කියලා. එහෙම කකුලෙන් ඇදපු අය 16 දෙනෙක් අද ආණ්ඩුවෙන් ගිහින් තියෙනවා.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
’කකුලෙන් ඇදපු අය 16 ක් අාණ්ඩුවෙන් ඉවත්වුණා’- මන්ත්‍රී රහුමාන්
Bamunuarachchi Wednesday, 09 May 2018 01:40 AM
දැන් ඒගොල්ලන්ට පුළුවන් අනික් අයත් එක්ක එකතුවෙලා ඔහෙලගෙ බෙල්ලෙන් අල්ලන්න.
lalithsjm Wednesday, 09 May 2018 02:18 AM
දැන් ඉන්නේ කනෙන් අදින උන් නේද ??
Senarath Wednesday, 09 May 2018 03:30 AM
නරියත් කිව්වලු කඩාගන්න බැරිවුනාම මිදී තිත්තයි කියල.