(කාංචන කුමාර ආරියදාස)
කැකිරාව අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ කැකිරාව තිබ්බටුවැව කොරසගල්ල හන්දියෙදී අද (08) උදේ සිදුවූ රිය අනතුරකින් පාසල් දරුවන් තිදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තවත් සිසුවියන් දෙදෙනෙකු අනූනවයෙන් දිවි බේරා ගෙන ඇතැයි කැකිරාව පොලීසිය කියයි.
කැකිරාව ප්‍රදේශයේ උපකාරක පංති යෑම සඳහා පිරිමි දරුවන් සිව්දෙනකු මාර්ගයේ අයිනේ රැඳී සිටි තිබෙන බවත් තවත් ගැහැණු දරුවන් දෙදෙනෙකු ඊට මඳක් දුරින් බස් රථය එනතුරු මාර්ගය අයිනේ රැඳී සිටියදී එකවරම දඹුල්ල දෙසින් කැකිරාව දෙසට වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් මෙම පිරිමි දරුවන් හතරදෙනා යටකරගෙන මාර්ගයෙන් ඉවතට පැන පලායාමත් සමඟ මාර්ග අයිනේ රැඳී සිටි දියණියන් දෙදෙනාද මාර්ගයෙන් ඉවතට පැන සිය ජීවිත බේරා ගෙන ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවෙකු සහ 9ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙකු බව පොලීසිය කියයි.
මෙමගින් එක් සිසුවෙකු කැකිරාව රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් තිබෙන අතර අනෙක් දෙදෙනා අනතුර සිදු වූ ස්ථානයේම මියගොස් තිබේ. අනතුරට පත් අනිත් තුවාල ලැබූ සිසුවා දඹුල්ල මූලික රෝහල වෙත එවා තිබේ.
අනතුර සිදුකළ ලොරි රථය නොනවත්වා වේගයෙන් කැකිරාව පොලිසියද පසු කර ධාවනය කර තිබෙන අතර පසුව කැකිරාව පොලිසිය අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමෙන් පසු කැකිරාව තලාව ප්‍රධාන මාර්ගයේ ලොරි රථය ධාවනය වෙමින් තිබියදී ඉපලෝගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියත් සමග කැකිරාව කොරසගල්ල තිබ්බටුවැව ප්‍රදේශයේ ජනතාව ප්‍රකෝපකාරී වී ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා කරමින් ටයර් පුළුස්සා විරෝධතාවයක නිරත වූහ.
ප්‍රදේශවාසීහු පොලිසියට දොස් නඟමින් මෙම වාහනය අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කළ බවට චෝදනා කරන්නට වූහ. එමෙන්ම එම ලොරි රථයේ රියදුරු සහ රථය එම ස්ථානයට ගෙනැවිත් දෙන ලෙසද ඔවුහු පොලිසියෙන් ඉල්ලීම් කරමින් කෑකෝ ගසන්නට වූහ. කෙසේවෙතත් පොලීසිය මෙම ස්ථානයට පැමිණ පිරිස සන්සුන් කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතවන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අසල සිටි ප්‍රදේශවාසීන් කියා සිටියේ එකවරම මෙම ලොරිය වේගයෙන් ධාවනය වූ බවත් එම අසල තිබූ ලොතරැයි පත් අලෙවි සැලක්ද යට කරගෙන එම ලොරිය පලාගිය බවය.
එමෙන් ම සිද්ධිය ඇසින් දුටු ජීවිත බේරාගත් පාසල් සිසුවියක් කියා සිටියේ ඒ අසල සිටි පිරිමි ළමුන් සිව්දෙනා ලෝරියට යටවී ලොරිය තමන් ප්‍රදේශයට ධාවනය වෙනවාත් සමඟ තමන් සහ තවත් මිතුරියක් එම ස්ථානයෙන් වෙනතකට පැන ජීවිත බේරාගත් බව ය.
මහනුවර යාපනය ප්‍රධාන ඒ 9 මාර්ගයේ වාහන ගමනාගමනයට මේ ආකාරයෙන් බාධා එල්ලවී තිබිණි. කැකිරාව පොලිසිය කියා සිටියේ රියදුරු සහ ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබෙන බවත් අපක්ෂපාතී පරීක්ෂණයක් මේ සඳහා සිදුකරන බවත්ය.




ඡායාරූප - කාංචන කුමාර ආරියදාස

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්තර දන්නා නිසා මෙය අපිට අනතුර පමණයි.
දැන්වත් තේරුම්ගන්න මාර්ග නීති කඩන වැරදි කරන රියදුරන්ට දෙන දඬුවම් දැඩි කළයුතු බව...
මේ වගේ තිරිසනුන්ට මරණ දඬුවම දෙන්නේ නැත්තේ මොකද?
අධික වේගයෙන් ධාවනය කරන වාහන දැනුම්දීම සදහා හදිසි ඇමතුම් අංකයක් ඉදිරිපත්කරන්න
මාර්ග නීති තදකර ඒවා පගාව නොගෙන හරියාකාරව ක්‍රියාකිරීම සහ මෙවැනි වරදවල් වලට ජීවිතාන්තය දක්වා රියදුරු බලපත් තහනම් කිරීම කළවිට අඩුම වශයෙන් ටිකක් හරි අනතුරු අඩුවෙන්න පුළුවන්... අනික වැඩිපුර රියැදුරන් පරීක්ෂා කිරීම දවසේ පැය 24 පුරාම මුළු ලංකාවේම කරන්න ඕනේ... නොකඩවා මේ මගින් රජයට හොඳ ආදායමක් ලබා ගන්නත් පුළුවන්..
එහෙම කියලා මේ නූගත් ගැමියන් මහාමාර්ග වහගෙන ඉඳලා හරියනවද? මෙහෙම නීතිවිරෝධීව හැසිරෙන අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ...
ලොරි, ටිපර් හා බස්රථ පාරේ යන්නේ ඉතාම අපරික්ෂාකාරී ලෙසයි. වෙනත් වාහන ඔවුන්ට ඉඩ දිය යුතුයි වගේ ඒ රියදුරන් හිතාගෙන ඉන්නේ.... මේවාට නීතිය වහා ක්‍රියාත්මක කළ යුතුයි.
පේනවා නේද අපගේ අදහස් වලට වැඩි දෙනෙකු උරණ උවත් අපරාදේ ජිවිත හානි. මේ සියල්ලම නොහික්මුණු විනයක් නැති අය රියදුරු බලපත්‍ර ලබා ගැනීම නොවේද ?සදාකල් මෙවන් තිරිසන් රියදුරන්ට රියදුරු අසුනේ වාඩිවීම ඉඩ නොදිය යුතුය. නිතිය නිසිලෙස ක්‍රියාත්මක වේවා!!!!
පොලීසිය හැංගිලා ඉඳලා අල්ලන්නේ ඉතාම සුළු වැරදි කරන අය. ලේන් එක කැපුවා, පාර අයිනේ නැවැත්වුවා වගේ ඒවා තමා වැඩිපුරම අල්ලන්නේ... සුදුඉර හරහා පනින කොට, ඉස්කෝල ළඟ ඉන්නකොට ලයිට් ගහගෙන වෙට්ටු දමාගෙන යන මදාවි මහත්වරු වගේ කාලකන්නි අල්ලන්න නම් ඉඳහිට තැනකවත් කැමරා තියෙන්න ඕනේ. මේ වගේ වැරදි කරන අය අපරාධ නීතිය අනුව කටයුතු කරලා දිගු කාලීන හිර දඬුවම් දීමට කඩිනමින් නඩු අහලා (අඩු තරමින් මාස 6ක් ඇතුළත) ඉවර කරන්න අපේ නීතියට අධිපති අයට බැරිද? නීතිඥයන් නම් කැමති නැහැ තමයි.
හැමදාම මේ වාගේ පින්තුර දානවා, ලියනවා... ඒ වුනාට ඉදිරියටත් මේ දේම වෙනවා... හරි විසඳුමක් නැද්ද මේවට?
දරුවන් ඉන්නා මවක් වශයෙන්, මෙය දුටු මගේ සිතට දැනෙන වේදනාව වචනයෙන් කියා ගන්න බැහැ.. පව් දෙයියනේ අසරණ දරුවන්. දෙමව්පියන් කෙසේ නම් මේ දුක දරා ගන්නද? දරුවනේ කිසිම භවයක නුඹලාට මෙවන් විපතක් නොවේවා! දෙමව්පියන්ට මේ දුක දරාගැනීමට සම්මා සම්බුදු පියාණන්ගේ සරණ ලැබේවා.!
සුරා සුදුවෙන් තොර, හොඳ මානසික තත්වයක පසුවෙන, පිරිසිදු චරිත සහතිකයක් හිමි අයට පමණක් රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට සුදුසුකම් විය යුතුයි !
රියදුරු බලපත්‍රය නිකුත්කළ නිලධාරියට, පුහුණුකර බලපත්‍රය දුන් ආයතනයට, බිමතින් රිය පැදවූවාද, වේග සීමාව කොපමණ ඉක්මවා ධාවනය කලාද ආදී වශයෙනුත්, ජිවිත හානියක් සිදු වු විට එම වාහනය විකුණා එම සියලු මුදල් අගතියට පත් අයට පිරි නැමීම.. නඩුව දින දාහතරකින් නිම කොට ජීවිතාන්තය දක්වා හිර දඩුවම් නියම කලොත් සහ අයිතිකරුටද සිර දඩුවමින් අඩක් ගෙවීමට සැලැස්වීම කියන බරපතල දඩුවම් නොදුන්නොත් ..මේ අයගෙන් අපේ මල් කැකුළු බේරා ගැනීමට නොහැකිවනු ඇති.
මෙවන් බර වාහන වල වේගසීමාව එන්ජිමෙන් පාලනය කිරීමේ ක්‍රමයක් සෑදිය යුතුයි. එවිට අසීමිත වෙගයකින් ධාවනය කල නොහැකි බැවින් අනතුරු අවම වනු ඇත.
නුගත් ගැමියන් පාරේ උද්ගෝෂණ කරන්නේ..// උගත් විශ්ව විද්‍යාල සිසුන් හදේ එය කරන්නේ..// උගතා, නුගතා, බුද්ධිමතා වෙනසත් ඔබ දන්නේද..// දන්නා දෙය ගැන කතාව නුසුදුසු නොවන්නේද ..//
ලංකාවේ බස්, ටිපර් පාරේ දුවන්නේ ඒවාට ගැලපෙන වේගයකින්ද? වේගය ඊට වඩා දෙගුණයකටත් වඩා වැඩියි. ඒවාට කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි? වෙන රටවල නම් රියදුරු බලපත් අහෝසි කරලා හිරේ දානවා. ලංකාව හින්දම හොඳයි. මිනිස් ජීවිතයක වටිනාකම මායිම් කරන රටක් නෙවෙයිනේ...