IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඕස්ට්‍රේලියා විදේශ ඇමැති හෙට ලංකාවට

( තිළිණි ද සිල්වා)

ඕස්ටේ‍්‍රලියා විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා හෙට(19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

කලාපීය වශයෙන් දෙරට අතර ද්විපාර්ශික සබඳතා වර්ධනය කර ගැනීම, ආර්ථික හා ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණෙන්  ඕස්ටේ‍්‍රලියා විදේශ කටයුතු අමාත්‍යවරිය දිවයිනට පැමිණෙන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

මෙරට රැඳී සිටින කාලයේ ජූලි බිෂොප් මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී  විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියේ ප‍්‍රගතිය හා ආරක්ෂාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනු ඇතැයි වාර්තා වේ.

එහිදී  ජනාධිපති මෛත‍්‍රීපාල මහතා සහ  ඕස්ටේ‍්‍රලියා විදේශ කටයුතු අමාත්‍යවරිය විසින්  ඕස්ටේ‍්‍රලියා සහයෝගය යටතේ ලංකාවේ ඩෙංගු උණ මර්දනය කිරීමේ වැඩපිළිවෙළද ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද  ඕස්ටේ‍්‍රලියා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටී. 



අදහස් (0)

ඕස්ට්‍රේලියා විදේශ ඇමැති හෙට ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site