(ටී.කේ.ජී.කපිල )
කටුස්සන් වැනි සත්ව විශේෂයක් ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට එවා තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සතුන් ඕස්ට්‍රේලියාවේ සිට සිංගප්පූරුව වෙත ගෙනැවිත් එතැන් සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානයේ එම භාණ්ඩ ප්‍රවාහනය කරන ජාත්‍යන්තර සමාගමක කාර්යාලය වෙත එවා තිබිණි.
භාවිතා කළ පරිගණකයක් සේ හඳුන්වමින් කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ ලිපිනයට එවා තිබූ මෙම ගුවන් භාණ්ඩ පාර්සලය බාර ගැනීමට අදාළ පුද්ගලයාට දැන්වූවද ඔහු නොපැමිණීම නිසා මෙම පුද්ගලයා සහ ලිපිනය පිළිබඳව සොයා බැලූ රේගු නිලධාරීන් ඒවා ව්‍යාජ ඒවා බව දැන ගැනීමෙන් පසුව පාර්සලය එම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ආයතනයේ නිලධාරීන් ඉදිරිපිට දී විවෘත කර පරීක්ෂා කර බලද්දී මෙම සතුන් 32 ක් , එම පරිගණකය තුළවූ කුඩා රෙදි මළු 5 ක දමා සිටියදී සොයාගෙන තිබේ.
මෙම සත්ව විශේෂය බටහිර රටවල සුරතලයට ඇති කරන බව ප්‍රකාශ වුවද මෙම සතුන්ගේ ශ්‍රී ලංකාවට ආක්‍රමණශීලී ද ඔවුන් අනවශ්‍ය ප්‍රමාණයෙන් බෝවීම සිදු වන්නන් ද මොවුන් පරපෝෂිතයන් විශේෂයක් ද අප රටේ කෘෂි බෝග වගාවන්ට හානිකර සත්ව විශේෂයක් ද
රෝග කාරක පතුරුවන විෂ සහිත සත්ව විශේෂයක් ද යන්න රේගු නිලධාරීන් තවමත් අනාවරණය කර ගෙන නොමැත.
මෙවැනි සතුන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ දී එරට සත්ව නීරෝධායන ආයතන වල වලින් සහතික කිරීම් අත්‍යාවශ්‍ය වන අතර මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත සත්ව නීරෝධායන ආයතනවල නිර්දේශ ද මොවුන් රට තුළට නිදහස් කිරීමේ දී අවශ්‍ය වේ.
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝණය වීමක් බව රේගු නිලධාරීන් සඳහන් කරයි.


COMMENTS
අයියෝ. ඒගොල්ලෝ දන්නවනම් මෙහෙ ඉන්න කටුස්සෝ පාට මාරු කරන විදිහ, මෙහෙ අය එහෙට ගෙන්න ගනී
ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය හරහා නැවත එම සතුන් මවු රටට යැව්වානම් හරි. එහෙම නැතිනම් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා එම පාර්සලය එවන ලද පුද්ගලයාව සොයාගෙන නීති මගින් කටයුතු කරන්න. එතකන් මේ සතුන් දෙහිවල සත්වෝද්‍යානයට බාර දෙන්න
මෙවුන් බ්ලූ ටං ලිසාර්ඩ් (blue tongue lizard ) බවයි පෙනෙන්නේ. වෙනත් රටවලින් සත්තු ගෙනැවිත් ලංකාවේ පරිසරයට මුදා හැරීම ඉතාම භයානකයි .
මෙම කටුස්සන් කාන්තාර ආශ්‍රිත පැති වල ඉන්න අය වගෙයි. මෙම කටුස්සන් හොර ජාවාරම් කාරයන් වෙනත් රට වලට යවනවා. මෙය ඕස්ට්‍රේලියාවේ නීති වලට විරුද්ධව කරපු දෙයක් බව පේනවා. රේගු නිලධාරීන් මෙය ඕස්ට්‍රේලියා මහා කොමසාරිස් කාර්යාලයට දැන්වුවා නම් හොඳයි.
අපි දෙහිවල සත්තු වත්තේ තියා ගම්මු, හැබැයි පිටට එහෙම නම් යවන්න එපා
මේ සත්තුන්ගේ භයානක වෛරස් රෝග කාරක තියනවද දන්නේ නැහැ.........
මෙම සතුන් පිළිබඳ වැඩිදුර විස්තර ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාර වෙබ් අඩවියෙන් දැනගත හැකිය.
අනේ හරිම ලස්සනයි, කොහෙන්ද මට මේ වගේ කටුස්සෙක් ගන්න පුළුවන්?
පුදුමයි ඕස්ට්‍රේලියාවෙන් නිසා පාර්සලය පිටින්ම කවුරුවත් ඉස්සුවේ නැති එක. සාමාන්‍යයෙන් එහෙන් එවන පාර්සල් නැතිවෙන සම්භාවිතාව වැඩියි.
අපේ ඈයො බෝට්ටුවලින් එහාට පනින්න දඟලනවා. එහේ කටුස්සෝ අහස් යන්ත්‍ර මෙහාට පනින්න දඟලනවා.
වීසා නැතුව ආවොත් අමාරුවේ තමයි.