සිඞ්නිහිදීය (රොයිටර්)
පාර්ලිමේන්තුවේ සියලු සාමාජිකයන් තමන් ද්විත්ව පුරවැසියකු ද නැද්ද යන වග අනාවරණය කළ යුතු බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කරයි.
මැල්කම් ටර්න්බුල්ගේ මධ්‍ය දක්ෂිණාංශික ආණ්ඩුවේ නියෝජ්‍ය අග්‍රමාත්‍යවරයා ඇතුළු පස් දෙනකු පාර්ලිමේන්තුවේ සිටීම නුසුදුසු යැයි එරට මහාධිකරණයක් විසින් තීරණය කිරීමත් සමඟ ඕස්ට්‍රේලියානු දේශපාලනය තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට සිදු වූ පස් දෙනාම ද්විත්ව පුරවැසයෝ වූහ. බාර්නබි ජොයිසි ඇතුළු පස් දෙනාට පාර්ලිමේන්තු සාමාජිකත්වය අහිමි වීමට හේතු වූයේ ද්විත්ව පුරවැසිභාවයයි.
ඕස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාව අනුව විදේශිකයන්ට එරට පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ නොහැක. දැනට පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවට අනුකූලව තේරී පත්වූවන් ද සොයා බලන්නැයි ඉල්ලමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට දැඩි පීඩනයක් එල්ල වී තිබේ.
වත්මන් නිදහස් මතධාරි ජාතික සන්ධාන (ලිබරල්-නැෂනල් සන්ධාන ආණ්ඩුව) තිදෙනකු ද්විත්ව පුරවැසියන් බව සඳහන් කරමින් මහාධිකරණය ඔවුන් පාර්ලිමේන්තුවේ සිටීම නුසුදුසු බව නියෝග මීට සති කිහිපයකට පෙරදීය.
ඒත් සමඟම එම ආණ්ඩුවේ තවත් සාමාජිකයකු තමන් ද්විත්ව පුරවැසියකු බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන්පසු සුළුතර පක්ෂවල සිටි ද්විත්ව පුරවැසිභාවය හිමි පිරිස් ද ඒ බව අනාවරණය කළේය. එසේ නමුත් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂය තවමත් මේ අර්බුදයෙන් බලපෑමක් වී නැතැයි වාර්තා වේ.
කෙසේ නමුත් එල්ල වන දැඩි පීඩනය හමුවේ පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා ද්විත්ව පුරවැසියන් ද නැද්ද යන්න අනාවරණය කරගැනීම සඳහා කටයුතු සකසන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා තම පුරවැසිභාවය තහවුරු කිරීමටත්, ද්විත්ව පුරවැසිභාවය තිබුණේ නම් එය ප්‍රතික්ෂේප කළ බව තහවුරු කරන ලිපි ලේඛනත් ඉදිරිපත් කළ යුතු යැයි අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ සමහර මන්ත්‍රීවරු තමන් ද්විත්ව පුරවැසියන් බව ප්‍රකාශකර ස්වෙච්ඡාවෙන් ඉල්ලලා අස් වෙනවා. ලංකාවේ මන්ත්‍රීලා අධිකරණයෙන් අස්කරත්, ශ්‍රේස්ඨාධිකරණයට ඇපිල් කරලා බලෙන්ම එල්ලිලා ඉන්නවා...
විපක්ෂේ අයගේ විතරයි ද්විත්ව පුරවැසි කම හොයන්න ඕනේ. ආණ්ඩු පක්ෂේ අයගෙයි සුළු ජාතින් නියෝජනය කරන අයගෙයි හොයන්න ඕනේ නෑ. මේ අගමැතිතුමා වැඩක් හරියට කරන්න දන්නේ නෑනේ බලාගෙන යනකොට....
මේක අපිට ගොඩක් හොඳයි.. සාමාජිකයින්ට ස්වෙච්ඡාවෙන් අදහස් පවසන්න.
ලංකාවේ නීති හදන ආයතනය වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නීති පිළිපදින්නත් ඉගෙන ගත යුතුය. එහෙම බැරි අය ගෙදර යැවිය යුතුය.
ලසන්ත මහත්මයා තව ද්විත්ව පුරවැසියෝ ආණ්ඩුවේ ඉන්නවා නම් මෙලහකට විරුද්ධවාදීන් නඩු දමලා, ගොඩක් දෙනා පී.ආර් එක සහ පුරවැසි බව පටලාගෙන, යුරෝපාරටක්, ඇමෙරිකාව හෝ ඕස්ට්‍රේලියාව පුරවැසිභාවය නිකන් දෙන්නේ නැහැ. එක්කෝ එහෙ පුරවැසියෙක් කසාද බැඳලා තිබෙන්න ඕනේ.. එහෙම නැත්නම් එහෙ පදිංචිවෙලා වසර ගණනාවක් රැකියාවක් කරලා තිබෙන්න ඕනේ...