(සුජිත් හේවාජුලිගේ ඉස්ලාමාබාද් සිට)

ඕනෑම ප්‍රශ්නයකදී සහෝදර රටක් වශයෙන් ශ්‍රී ලංකාවට උපරිම අයුරින් සහය දීමට  කැමැති බව  පකිස්තාන ජනපති  මම්නුන් හුසේන් මහතා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර  පැවති හමුවකදී පවසා තිබේ.

එමෙන්ම කළාපීය වශයෙන් සෑම රටක් සමඟම ශක්තිමත් බැදීම් ඇති කර ගැනීම සංවර්ධනයට විශාල පිටුවහළක් බවද එහිදි පකිස්තාන ජනාධිපතිවරයා පවසා ඇත.

පකිස්තාන ජනාධිපති මම්නුන් හුසේන්‍ මහතා සහ මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර   පකිස්තාන ජනාධිපතිවරයාගේ නිල නිවස වු අයිවන් ඊසදුර් හිදී  පැවැති සාකච්ඡාවකදී මේ බව පවසා තිබේ.

එම හමුවෙන් අනතුරුව  ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට අගමැති ෂහීඩ් ඛාන් මහතා  සමඟ ඔහුගේ නිල නිවසේ දී  සාකච්ඡාවක්  පැවැත්විණි.