(දිල්රුක්ෂි ග්‍රේරු)
අන්සතු බැංකු කාඩ් පතක් භාවිත කර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් වංචනික ලෙස මුදල් ලබාගත් වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයකු බොරැල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 26 වැනි දින බොරැල්ලේ පදිංචිකරුවකු ඔහුගේ ලංකා බැංකු ගිණුමෙන් බැංකු කාඩ්පත (ඒ.ටී.එම්) භාවිත කිරීමෙන් පසු එම කාඩ්පත ටෙලර් යන්ත්‍රයේ අතපසුවී දමා ගොස් ඇතැයිද එම කාඩ්පත වෙනත් අයකු භාවිත කර ඇති බවට සිය ජංගම දුරකතනයට කෙටිපණිවිඩයක් ලැබුණේ යැයිද කියමින් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම මෙම නියාමකවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.
අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා එම කාඩ්පත භාවිත කරමින් රුපියල් 10,840 ක මුදලක්ද සොරකම් කර ඇතැයි කාඩ්පත හිමි පුද්ගලයාගේ පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි.
පැමිණිලිකරුගේ ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවිඩය ඔස්සේ පරීක්ෂණ අරඹා ඇති පොලීසිය බොරැල්ල ඉන්ධන පිරවුම්හලකට ගොස් එහි ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කර කාඩ්පත භාවිත කර ඉන්ධන ලබාගත් ත්‍රීරෝද රියක් හඳුනාගෙන තිබේ.
අනතුරුව වැඩිදුර පරීක්ෂා කිරීමේදී බන්ධනාගාර ඇඳුමකට සමාන ඇඳුමක් ඇදගත් පුදුගලයකුද එහි සිටිනු දැන එම පුද්ගලයා කවුරුන්දැයි පසුව පරීක්ෂා කිරීමෙන් නිසි ලෙස හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව පොලෟසිය කියයි.
අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා මරදාන පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කුඩුකාරයන්ගෙන්, මැරයන්ගෙන් අල්ලස් නොගන්නවා නම් තමයි පුදුමේ. ප්‍රථමයෙන්ම මෙවැනි දහජරා වැඩකරන නිලධාරින් සිරගත කළ යුතුයි. ඉන්පසුව හොරකම, වංචාව, දූෂණය නැති බන්ධනාගාරයක් නිර්මාණය කළ යුතුයි.
ඊයේ ජනාධිපතිතුමා බන්ධනාගාරය ගැන කියපු කතාව අහගෙන හිටිය කෙනෙක් වගේ...
පසුගිය 26 වැනි දින බොරැල්ලේ පදිංචිකරුවකු ඔහුගේ ලංකා බැංකු ගිණුමෙන් බැංකු කාඩ්පත (ඒ.ටී.එම්) භාවිතා කිරීමෙන් පසු එම කාඩ්පත ටෙලර් යන්ත්‍රයේ අතපසුවී දමා ගොස් ඇතැයිද එම කාඩ්පත වෙනත් අයකු භාවිතා කර ඇති බවට සිය ජංගම දුරකථනයට කෙටිපණිවිඩයක්.., කෙටි පණිවිඩය ලැබෙන තෙක් කරු නිරෝධායනයේද ඉඳලා තියෙන්නේ? වහාම අදාල බැංකුවට දැනුම් නොදී පින් නම්බෙර් එක රහසි ගතයි නම් කොහොමද තව අයෙක් මුදල් ගන්නේ ?