IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඒකාබද්ධ විපක්ෂයේ සිහිනය බොඳවුණා - වජිර

 

 

අංජුල මහික වීරරත්න

 

කොළඹ ගාලුමුව දොර ෂාන්ග්‍රිලා තරු හතේ හෝටලයේ කාමර 15 ක් වෙන් කරවා ගෙන නව ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරිමට ඒකාබද්ධ විපක්ෂයේ සිහිනය උද්ඝෝෂණය අසාර්ථවීමත් සමඟ බිදීගිය බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රාජපක්ෂ රජය චීනයට විකුණු ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ගාලුමුවදොර පිටිය ඉදිරිපිට ඉඩමේ ඉදිකර ඇති ෂැන්ග්‍රිලා හෝටලයට අමතරව හිල්ටන් හා ටාජ් සමුද්‍රා යන හෝටල්වල කාමර 3 බැගින් වෙන් කරවාගෙන නව ආණ්ඩුව පිහිටුවීමට සැලසුම්කර තිබු බව වජිර අබේවර්ධන මහතා කීවේය.

වසර 9 ක් මුළුල්ලේ හොරකම් කළ සල්ලි වියදම් කර නායකයින් තරු හතේ හෝටල් කාමර වෙන් කරවාගෙන කරන්න සැලසුම් කළ සියළු වැඩ උද්ඝෝෂණය අසාර්ථකත්වය මත කඩා වැටුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය සම්පුර්ණයෙන්ම අසාර්ථක වීමෙන් පෙන්නුම් කෙරුණේ බැසිල් රාජපක්ෂ නොමැතිව පොහොට්ටුවටත් ඒකාබද්ධ විපක්ෂයටත් ගමනක් නැති බව ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කීවේය.



අදහස් (0)

ඒකාබද්ධ විපක්ෂයේ සිහිනය බොඳවුණා - වජිර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site