(විනීතා එම් ගමගේ)

මහනායක හිමිවරුන්ගේ අනුශාසනාවට හිස නමා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් වහා ඉවත් වන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රකාශ කළේය.  

එසේ ඉල්ලා අස් වීමට පියවර නොගන්නේ නම් අවසානයේ මහජනතාවගෙන් එල්ලවන කුණු බිත්තර ප‍්‍රහාරවලට මුහුණ දෙන්නට සුදානම් විය යුතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. 

පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කළාට ඒකට යන්න එපා කියල අපි ඒකාබද්ධ විපක්ෂයට අපි මුල ඉදලම කිව්වා. විමල් වීරවංශ මහතා ඇතුළු ජාතික නිදහස් පෙරමුණ මේකෙන් ඉවත් වීම පිළිබඳව අපි ප‍්‍රසාදය පළ  කරනවා. ඇත්තටම ඔවුනටත් මේක කරන්න තිබුණේ මීට පෙරයි. 
 රාජගිරිය නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන එකමුතුවේ පැවැති මාධ්‍ය හමුව අමතමින් මෙසේ පැවසීය.