IMG-LOGO

ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක්

(රංජන් කස්තුරි)

හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට එහි ඇති අහිතකර තත්ත්වයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයට කඩිනමින් වේලාවක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ධ මන්ත්‍රීවරුන් පිරිසක් ජනපතිවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

“28 වෙනි දින හම්බන්තොට වරාය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී, එම ඉදිරිපත් කළ ගිවිසුමෙහි හානිකර වගන්ති සහ රටට හානිකර තත්ත්වයන් කරුණු සහිතව පෙන්වා දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානමින් සිටි නමුත්, එක්සත් ජාතික පක්ෂයේ දරදඬු ප්‍රතිපත්ති කථානායකතුමා විසින් අනුගමනය කළ නිසාවෙන් එකී අවස්ථාව මහජන නියෝජිතයන් වන අපට අහිමි වූ බව කනගාටුවෙන් දන්වමු.

ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය අනුමත කළ කැබිනට් පත්‍රිකාවෙහි හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අනුමැතිය ලත් කරුණු සහ දැන් ගිවිසුමට අන්තර්ගත කොට ඇති වගන්තිවල අඩංගු කරුණු පරිසර විරෝධී බව රටට හිතවත් අපගේ උගත් නීතිඥයන් විසින් පෙන්වා දී ඇත.

ගිවිසුමෙහි ඇතැම් වගන්ති සංකීර්ණ කොට අපහැදිලි ලෙස ඇතුළත් කොට තිබීමෙන් සැඟවුණූ අරමුණු ඉටුකර ගැනීමට ඉඩප්‍රස්ථා සලස්වා ඇත.

රටටත් රටෙහි අනාගයටත් බෙහෙවින් අහිතකර සහ හානිදායක කොන්දේසි රැසක් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ හම්බන්තොට ගිවිසුමෙහි අන්තර්ගත වන බැවින් ප්‍රකාශිත පරිදි හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට පෙර කරුණු ඉදිරිපත් කිරීමට කඩිනම් දිනයක් හා වේලාවක් ලබාදීමට කාරුණික වන ලෙසද ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.“



අදහස් (11)

ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක්

Kamal Saturday, 29 July 2017 06:33 AM

දීල තිබුන වෙලාවේ පිස්සෝ වගේ දගලලා දැන් ආයේ වෙලාව ඉල්ලනවා.

:       1131       5184

ruchiraSaturday, 29 July 2017 07:31 AM

බැලුවෝ 977ක් වෙලා ලයික් 4256 දෙනයි. ඔන්න පේනවා නේද පාඨක ජනමතයත් වෙනස් කරන්න හදන ආකාරය? පඩිය 1500ක් දුන්නට මොලය දෙන්න බෑනේ..

:       2788       520

nuwanSaturday, 29 July 2017 07:59 AM

මට පෙන විදිහට කවුන්ටර් එකේ ලෙඩක්... වොට්ස් හරි. මම මේකම මොබයිල් එකෙනුත් බැලුවා..

:       1       54

සුදු පුතා Saturday, 29 July 2017 07:05 PM

ඔබතුමගේත් එහෙම කරලා තියෙන්නේ. 1500යෙ පඩි යටද.

:       26       2

සමන් Saturday, 29 July 2017 07:03 AM

නූගත්කම හෝ බලලෝභීත්වය නිසා සිදු කරන මහජන නියෝජිතයන්ගේ වගකීම් රහිත හැසිරීම පිළිකුල් සහගතය. පාර්ලිමේන්තුවේදී තම වගකීම් ඉටු නොකොට , රටේ තම පාක්ෂිකයන්ට හා මාධ්‍යයන්ට පෙනෙන්නට උන්මන්තකයන් සේ හැසිරී දැන් වෙනම අවස්ථාවක් ඉල්ලීම කිනම් විහිළුවක්ද? මොවුන් දන්නවා වර්තමාන පාලකයන් කරන්නෙත් තමන් කල දේම බව. එ්ත් කරන්නේ අනුන් නිසා බොරු වපුරන එකයි. හිටපු හෝ වර්තමාන රජයන් යම් ආයෝජනයක් කළානම් එය රටට වාසිදායක ලෙස ආදායම් ගත හැකි ලෙස සංවර්ධනය කලයුතුය. වරායක් යනු ජල තටාකයක් නොවේ... උදම් අනමින් නඩත්තු කිරීමට.

:       19       936

Cj Saturday, 29 July 2017 07:07 AM

දිනේෂ, ඇයි මේ බබෙක් වගේ කතා කරන්නේ.? මතකද 18වැනි සංශෝධනය කරද්දී ඔය මුකුත් තිබ්බෙ නැහැ රටට හොඳද, නැද්ද කියලා... ඇයි මේ වගේ මහජනයාව රවට්ටන්නේ? ඇයි දිවිනැගුම පනත සම්මත කරද්දී මතකද ඔය ඒකාබද්ධයේ ඉන්න කට්ටියට?

:       94       2061

SusilSaturday, 29 July 2017 04:12 PM

දිනේෂ් කොහොමත් බබා, එයාම ඉදිරිපත් කල සයිටම් පනතටත් එයා දැන් විරුද්ධයි

:       0       1214

බණ්ඩාර(කැකිරාව) Saturday, 29 July 2017 07:40 AM

දිනේෂ් ගුණවර්ධන මහත්තයෝ...කෝචිචිය ගියා.. ඔබ දැන් ප්‍රමාධයි. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රතික්‍රියාශීලිත්වය හරිම දුර්වලයි. එබැවින් මීට වඩා උපායශීලිවන්න. විපක්ෂයේ හාදයෝ නිසිවේලාවට අවදි කරවන්න.

:       1       242

රත්නායක Saturday, 29 July 2017 10:20 AM

අවශ්‍ය කාරණා ටික කියන්න එ් දීපු වෙලාව කොහෙත්ම ප්‍රමාණවත් නෑ. මේ වගේ රටේ තීරණාත්මක කාරණා පිළිබඳව කඩිමුඩියේ මතුපිටින් අතගාල රටට කොලේ වහල සම්මත කරන්න ගිය නිසා තමයි මේ අය විරුද්ධ වුණේ. අාණ්ඩුවට කඩේ යන අයට මේව පෙනුනත් එ් ගැන කතාවක්වත් නෑ.

:       1035       306

gamini Saturday, 29 July 2017 12:09 PM

එකාබද්ධය නම් වැඩක්ම නැහැ වගේ. වැඩ වරද්දගෙන දැන් සුදනෝ වෙන්න හදනවා. ඔවුන්ට බලය තිබුණ කාලේ දාපු ලෙඩ තමයි මේවා. මේ අවශ්‍ය ගිවිසුම් ඉක්මණින් අත්සන් කොට ක්‍රියාත්මක කරන්න. පාක්ෂිකයින්ටත්, තරුණයින්ටත් ඉක්මණින් රැකියා දෙන්න. එහෙම කළොත් අපි රජයත් සමගයි.

:       115       643

Susil Saturday, 29 July 2017 03:18 PM

මෙහෙම ඉල්ලන්න දැන් පරක්කු වැඩියි.

:       11       209

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 507 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 933 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site