IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ඒකාබද්ධයේ පිරිසක් ගුවන්සේවා ඇමැති සමඟ සාකච්ඡා

(නාලක සංජීව දහනායක)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට නොදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ අද (18) සාකච්ඡා කළහ.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.

එම හමුවීමෙන් පසුව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යයට මෙලෙස පැවසීය.

  ‘‘මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමේ භයානක තත්ත්වය ගැන අපි සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළා. මෙම ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමත් සමඟ අපේ රටේ දැඩි අනතුරකට පත්වෙනවා. මෙම තීරණයට අපි කොතරම් විරුද්ධ වුණත් ආණ්ඩුව තමන්ගේ තීරණය වෙනස් කරන්න සූදානම් නැතිබව මෙම  සාකච්ඡාවේදී වැටහුණා යැයිද කීය.‘‘

මෙම සාකච්ඡාව විනාඩි 30ට අධික කාලයක් පැවතිණ. ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, තාරානාත් බස්නායක, අනුර ප්‍රියදර්ශණ යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, සිසිර ජයකොඩි, තාරක බාලසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 



අදහස් (7)

ඒකාබද්ධයේ පිරිසක් ගුවන්සේවා ඇමැති සමඟ සාකච්ඡා

සෙනෙවි Wednesday, 18 July 2018 02:46 PM

මග හිටියෙත් තෝ නසී.. ගෙදර ගියොත් අඔුනසියි වෙලා තියෙන්නේ දැන් කිව්වට එදා තමන්ගේ නායකයාට මේ අනවශ්‍ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිම දෙයක් කියන්න බැරි වුණා මේ එක මහතෙකුටවත්....

:       52       269

sampathWednesday, 18 July 2018 03:44 PM

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ යන යටිතල පහසුකම්. මේ වියපෘතියේ මීලගට එන්න තිබුණේ ආසියාවේ විශාලම හම්බන්තොට නිදහස් වෙළද කලාපයයි. එ්කත් හදල ඉවරකරන්න ඒ නායකයා හිටියා නම් අද ලංකාව ලබන ආදායම සහ ඇතිවෙන රැකියා වෙළඳපොල ඔබතුමාට හිතාගන්නවත් බැරි වෙයි. අපි කඩයක් දාන්න වුනත් ප්‍රවාහන පහසුකම් බලනවා නේද? ඕක ඔබ හිතනවට වැඩිය දැවැන්ත ව්‍යාපෘතියක්. සරලව කියනවා නම් ගිය ආණ්ඩුවෙන් හාලා, වතුර බැඳලා, පොහොර ගහපු කුඹුර පැළ හිටුවන්නත් කලින් මේ ආණ්ඩුවෙන් කොටස් කර විකුණලා දැම්මා. මේ පළිගන්නේ අපේ රටේ අනාගතෙන්...

:       557       263

අංජුල ජයමාල්Wednesday, 18 July 2018 04:20 PM

අනවශ්‍ය ව්‍යාපෘතියක් යැයි කියන්නේ කුමන පදනසකින්ද? අනවශ්‍යනම් කලයුත්තේ විකුනා දැමීම ද? විකල්ප ගුවන් තොටුපලක් අවැසි නැතිද? දැන් මොණරු හැපෙන්නෙ නැද්ද?

:       606       172

NuwanThursday, 19 July 2018 03:04 AM

එහෙම දුර දිග හිතල වැඩ කරන්න අපිට ඕන නෑ. එදාවේල කාල හැන්දෑවට දෙකක් දාලා බුදියගන්න ආර්ථිකයක් අපට දෙන්න.

:       0       15

Wade mudalaaliThursday, 19 July 2018 05:38 AM

මාලිංග නායකයා වීමට නම් ඇදුම් මහන්න කියන්න ඇති නේද?

:       0       3

Saththaya Thursday, 19 July 2018 03:40 AM

මේක ලෝක යුද්ධයකට සැලසුම් කරපු වියප්පෘතියක්? ලංකාව මෙච්චර ලොකු රටක්ද ඔය වගේ තැනක ගුවන් තොටවල් හදන්න. තව ටික දවසක් ගියා නම් ක්‍රීඩා පිට්ටනි වගේ ගුවන් තොටවල් හැදෙනවා. මොකද අන්තිමට ගෙවන්නේ නොකා නොබී මහජනතාව මේවට. අනික් අයට කොමිස් .

:       0       0

Chandra Thursday, 19 July 2018 03:46 AM

මේ සාකච්චා කරන්නේ සෑම දෙයකටම අත උස්සපු කට්ටිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site