සුජිත් හේවාජුලිගේ
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයේ දී බෙදා දුන් කිරිවල විස අඩංගු කරන ලද්දක් බව පවසමින් පොලිසියට බාරදී ඇති කිරි පැකට්ටුවක් පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන බව කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
මේ කිරි පැකට්ටුව පොලිසියට බාරදී ඇත්තේ සිද්ධිය ගැන පැමිණිලි කළ පැමිණිලිකරුවකු විසින් යැයි කී පොලිස් අධිකාරිවරයා අධිකරණ නියෝගයක් ගෙන ඒ කිරි පැකට්ටුව රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන බවද සඳහන් කළේය.
කිරි පැකට් සිද්ධිය ගැන පොලිසි කිහිපයකට පැමිණිලි ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ට දුන්න අරක්කුවල මුකුත් තිබ්බෙ නැද්ද දන්නෑ..?