(අජන්ත කුමාර අගලකඩ)
එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට නම් එජාපය සමග හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීම ඇතුළු කරුණු 7ක් ඉටු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය දැනුම් දෙයි.
ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යොමු කළ ලිපියට පිළිතුරු දෙමින් එහි මන්ත්‍රීවරුන් 42ක් අද(2) නිදහස් පක්ෂ මහ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 42ක් එම ලිපියට අත්සන් තබා ඇත.
එහිදී ඔවුන්ගේ ඉල්ලීම් හතක් යොමු කර ඇති අතර ඒවා මෙසේය.
1. එක්සත් ජාතික පක්ෂය සමග කරන හවුල් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්විය යුතුය.
2. දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම පහත හෙළීමට පියවර ගත යුතුය.
3. ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉවත්වී එයට එරෙහි විය යුතුය.
4. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාරධර්මවලට අනුකූලව අති පූජනීය සංඝරත්නයේ මතයට ගරු කළ යුතුය.
5. රට ෆෙඩරල් කරණයට හා අවසානයේ දී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියෙන් ශ්‍රීලනිපය වහාම ඉවත් විය යුතුය.
6. දැනට ඉදිරිපත්වී ඇති සාක්කි මත බැඳුම්කර මගඩිය තුළින් මහ බැංකුව කොල්ල කෑ අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග වහාම ආරම්භ කළ යුතුය.
7. නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර දිනපතාම පාහේ අද පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.
මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විදේශ ගතව සිටින බැවින් ඔවුන් මෙම ලිපියට අත්සන් කර නැති නමුත් ලිපියේ අන්තර්ගතයට ඔවුන්ගේ සම්පූර්ණ එකඟතාවය ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒකාබද්ධයෙන් ශ්‍රීලනිපයට කොන්දේසි 7ක්
Rosheen Thursday, 02 November 2017 08:32 AM
සමහර යෝජනා එකතු කරලා තියෙන්නේ නිකං ලියවිල්ල දික් කරගන්න නේ. මේවා කොන්දේසිද
nanayakkara Thursday, 02 November 2017 08:54 AM
අති විශිෂ්ඨයි. බොරු නොකල යුතුය.
Gihan Thursday, 02 November 2017 08:56 AM
එම අදහස් පිළිගත හැකි ඉතාම සාධාරණ කොන්දේසි බවයි අපටත් පෙනෙන්නේ.
ජයරත්න Thursday, 02 November 2017 09:15 AM
මේක ඡන්ද ප්‍රචාරණයක් මිසක් ඉල්ලීමක් නෙමෙයි. කියන තරම් බලයක් තියෙනවද කියල ප්‍රතිඵලවලින් බලාගන්න පුළුවන්.
saliya Thursday, 02 November 2017 09:22 AM
ඉතා හොඳ ඉල්ලීම්.
siri Thursday, 02 November 2017 09:30 AM
අනිවාර්යයෙන්ම ඔය ඉල්ලීම් ඉටු කරන තෙක් කිසිම බුරුලක් දෙන්න එපා.
rama Thursday, 02 November 2017 09:33 AM
කොන්දේසි හරියටම හරි. එහෙම තමයි ඉන්න ඕන .
ruwan Thursday, 02 November 2017 09:54 AM
එතකොට ඔබතුමාලා පොරොන්දු වුනු 13 දෙන්න ඕනෙද????
තරංග Thursday, 02 November 2017 10:26 AM
එක හැරෙන්න අනිත් හයම මෙයාල කරෙත් නෑනේ...
Chandana F Thursday, 02 November 2017 12:23 PM
බොහෝ ඒවා හරි , මෙම යෝජනාවලින් 85% හරි, ඉතිරිය ගැන දෙපාරක් හිතන්න.
purawasiya Thursday, 02 November 2017 12:44 PM
අපි ඡන්දෙටම ගිහිල්ල බලමු.