අමල් වික්‍රමරත්න
ගලිගමුව අලි සුරැකුම් මධ්‍යස්ථානයේ රදවා සිටි ඒක දන්ත හස්තියා නැවතත් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිය වාසභූමිය වූ ගලිගමුව වැව් රක්ෂිතයටම පැමිණ සිටියදී සොයාගෙන ඇත.
මීට ඉහත දී කිලෝ මීටර 243 ඈතින් පිහිටි සෝමාවතී වනයට ගෙනගොස් දැමු ඒකදන්ත හස්තියා කිහිප දිනකින් නැවතත් ගලිගමුව ප්‍රදේශයටම පැමිණි අතර නැවත වතාවක් කිලෝමීටර 112 ඈතින් තිබෙන ගලිගමුව අලි සුරැකුම් මධ්‍යස්ථානයේ රදවාතිබුනද එම ස්තානයෙන් නැවතත් ඒකදන්ත හස්තියාගේ වාසභූමිය වූ ගලිගමුව ටම පැමිණීම සිදු විය.
පසුගිය දිනවල අතුරුදන්ව සිටි ඒකදන්ත හස්ථියා වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලීසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී (22) ඊයේ රාත්‍රියේ හමුවූ බව වනජීවි හා තිරසර සංවර්ධන අමාත්‍යා ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසු අතර ඒකදන්ත හස්තියාගේ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව අමාත්‍යවරයා එහිදි පැවසීය.

COMMENTS
පව් මේ හස්තියා.! තමන්ට හුරු පුරුදු රාජධානියෙන් බැහැරව, කෙසේ නම් සතුටෙන් දිවි ගෙවන්නද.? වගකිව යුත්තනි,මේ ඒකදන්ත හස්තියාගේ ආරක්ෂාව ගැන සලකා බලනු මැනවි....
බුදු සද්දන්තයෝ ග්‍රාමසේවකලාගෙන් පරිස්සම් වෙන්න... ඔය දළෙනුත් සුර හදයි.
ජයවේවා! ජයවේවා! ඔන්න ඔහොම තමයි වෙන්න ඕනෑ. අපි දන්නවා පුතා ඔයා ආපහු ගමට එන බව. තියෙන දත පරිස්සම් කරගන්න. ප්‍රවේසමෙන් ඉන්න. වනජීවී එකට අවබෝධයක් නැහැ ඔයාලගේ හැසිරීම ගැන එයාලා දන්නේ එයාලගේ රස්සාව ආරක්ෂා කරගන්න විතරයි. අසාර්ථක විසඳුම් දෙන්න තමයි දේශපාලකයෝ දන්නේ... ඔයාලට ඉතින් එයාලගෙන්අබ සරණයි. ඒ වුණාට අපි ඔයාලට තිසරණ සරණ පතනවා.
ඔය සතා ගේන්න තීරණය කරපු අය ගලිගමුවේ හිටියොත් සතා එයාලා කියන තැන ඉඳීවි...
මේ සතා කැලේට දැම්මා නම් තව බොහෝ කාලයක් ජිවත් වේවි...
මේ සතාව ඉන්න තැන මාරු කරන්න ඕන නම් ලංකාවේ දේශපාලන පක්ෂයකට සම්බන්ද කරන්න. සතා ඉක්මනටම පුරුදු වෙයි ඉන්න තැන මාරු කරන හැටි..
ඔය සතාව නිර්වින්දනය කරලා කැලයට දැම්මා නම් ... සතා තව බොහො කාලයක් නිරුප්‍රද්‍රිතව ජීවත් වෙයි.. නිලධාරීන්ට මොලේ පෑදේවා..
වනජීවී නිලධාරීන්ගේ සතුන් ගැන දනුම නම් අල්පමාත්‍ර බව පෙනේ. මේ අහිංසක සතාට තමන්ගේ රාජධානියේ ජීවත්වීමට සලස්වා, දල හොරකම් කරන තක්කඩි ටික වහා අල්වා අධිකරණයට පමුණුවා උපරිම දඬුවම් දෙනවා විනා මේ අහිංසක සතා තැන තැන ගෙනගොස් දැමීම මහා අපරාධයකි. මිනිසුන්ට සේම සතුන්ටත් තමන්ගේ පුරුදු තැන, උපන් තැන වාසයට පරම අයිතියක් ඇත. අපේ රටේ සැමවිටම ලැබෙනුයේ පයබරවයට පිටිකර බෙහෙත් බඳින්නා සේ මෝඩ විසඳුම්ය. බලධාරයිනි, කරුණාකර මේ සතාට තමන්ගේ තැන ජීවත් වීමට සලස්වා හොරු ටික කොටුකර ගැනීමට වැඩකටයුතු කරන්නේ නම් අගනේය.
එය ගල්ගමුව විය යුතුයි. ගලිගමුව නොවේ..