(ඩබ්ලිව්.ඒ. අසේල)
තලාතුඔය මයිලපිටිය ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සමඟ ඇතිවූ ගැටුමකින් පාතාල සාමාජිකයෙකු වෙඩි වැදී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වත්තල මරියා පාර පදිංචි දිලිප රෝහණ රොද්‍රිගො නැමති අයකු බව අනාවරණය වි ඇති අතර පාතාල නායකයෙකු වන ඩි මංජුගෙ ගෝලයෙකු බවට තොරතුරු ලැබී ඇත.
තලාතුඔය මයිලපිටිය ප්‍ර දේශයේ ඔහු සැඟවී ඇති බවට ලැබුණු තොරතුරක් ඔස්සේ ඊයේ (05) සවස එහි ගිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට මියගිය පුද්ගලයා වෙඩි තබා ඇති අතර පොලිසියද සිය ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තබා ඇත.
පසුගිය විසිපස්වැනි දින කොළඹදි විශේෂ කාර්යබලකා නිලධාරින්ට මොහු විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර තුවාල ලැබූ නිලධාරින් දෙදෙනෙකු තවමත් රෝහල් ගතවී ප්‍රතිකාර ගනු ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර ඇලකන්දේදී එස්.ටී.එෆ්. එකට ගහපු දෙකයි පනහේ වීරයනේ. අන්තිමට මළා.
කලකට පසු කළ මෙම සමාජ මෙහෙවරට පොලිසියට අපගේ ප්‍රශංසාව හිමිවිය යුතුයි.
ඒ කාලෙත් මෙහෙම වුණා. එතකොට නම් කප්පරකට මානව හිමිකම් සංවිධාන සද්දෙ දැම්මා. දැන් ඒ කට්ටිය දකින්නවත් නැහැ. රතු සහෝදරයෝත් හරියට සද්දේ දැම්මා. ඕකයි එදා සහ අද වෙනස...
එස්.ටී.එෆ්. දෙන්නට ගැහුවා කියලා පත්තරේ දැක්කා දවසේ මට... මේ පුවත මේ විදියටම පළවෙන හැටි මැවිලා පෙනුණා. එ්ත් කමක් නෑ. මාත් හිතන්නේ පාතාලයන්ටයි. කුඩු මුදලාලිලටයි මේ දේ වෙන්න ඕනේ. වෙන මොකුත් නිසා නොවේ. වැරදිකරු වෙලා... හිරේ ගියත්. එතැන රජ මැදුර කරගෙන අාරක්ෂාව යටතේ තවත් හොඳට ගේම් දෙනවා. මේ අය මිනිස් සමාජයට මහත් හිසරදයක්. හැබැයි මහත්තයෝ. පහුගිය කාලේ වගේ දේශපාලනික හතුරන් හා සාක්ෂිකරුවන් වැනි අයට මේ තුවක්කුව එල්ල කිරීමෙන් වළකින්න.
එස්.ටී.එෆ්. එකේ නිලධාරී මහත්වරුන්ට ස්තුති වේවා!!! මේ අපරාධකරුවන් පුහු වීරයන් වෙන්නේ මහජනතාව මොවුන්ට දක්වන අධික බිය නිසයි. නිසියාකාරව සියලු තොරතුරු ලබා දෙනවා නම් මොවුන් මර්ධනය වඩාත් පහසු වේවි !!!