(උපාලි ආනන්ද)
මූල්‍ය ආයතනයක සුඛෝපභෝගි ජීප් රථයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එස්. එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ මැයි 9 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (27) නියෝග කළේය.
මේ ගැන වැඩිදුර විමර්ශන පවත්වා ප‍්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
සැකකරුගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පැහැර ගත් බවට සැකකෙරන ජිප් රථය මිහින්තලේ කුරුන්දන්කුලම ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබියදි සොයාගත් බවත් එම ජීප් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 150 ඉක්ම වනු ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
අත් අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරු සතුව ජීව අත් බෝම්බයක් තිබු බව අධිකරණයට කී පොලිසිය මෙම සැකකරු වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බවද පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.