IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


එස්.එෆ් බණ්ඩා ඝාතනයේ සැකකරුවන් හඳුනාගැනේ

( උපාලි ආනන්ද)

මීට දෙවසරකට  පෙර තිරප්පනේ සෙලෙස්තිමඩුවේදී එස් එෆ් බංඩා හෙවත් ටී එම් සරත්  බංඩාර නැමැත්තා ඇතුළු තිදෙනෙකු  වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් අනාවරණය කර ගැනීමට හැකි වූ බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

එම සැකකරුවන් අතර  එවකට අනුරාධපුරයේ සේවය කළ උසස් පොලිස් නිළධාරියෙකු තවත් ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනකු සහ නොචිචියාගම ප‍්‍රාදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ද සිටින බව අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අනාවරණ විය.

එම සැකකරුවන් නොදුරේදීම අත් අඩංගුවට ගෙන අපරාධය සමිබන්ධයෙන් දීර්ඝව ප‍්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් කිරීමට  බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එස් එෆ් බංඩා හෙවත් සරත් බංඩාර නැමැත්තා ඇතුලූ තිදෙනකු තිරප්පනේ පොලිස් වසෙමි සෙලෙස්තිමඩුෙවිදී වෙඩි තබා ඝාතනය කිරීෙමි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අනුරාධපුර ප‍්‍රධාන  මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා හමුවට  ඉදිරිපත් කරමින් රහස් පොලිසිය මේ   බව අධිකරණයට දැන්වීය.
 
මේ අතර මෙම ත‍්‍රිත්ව ඝාතනය සදහා සැකරකැවන් විසින් යොදා ගත් බවට සැක කෙරෙන ආරක්ෂක අංශ බාරයේ  තිබූ ටී 56 වර්ගගයේ ස්වයංක‍්‍රීය ගිනි අවි  හතරක්ද රහස් පොලිසිය විසින් නඩු භාණ්ඩ ලෙස  අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
 
අනුරාධපුර පොලිස් කොට්ඨාශයේ තිරප්පනේ පොලිස් වසෙමි තිරප්පනේ තුරුවිල මාර්ගයේ සෙලෙස්තිමඩුවේ කැලෑ පෙදෙසකදී එස් එෆ් බංඩා හෙවත් ටී එම් සරත් බංඩාර නැමැත්තා ඇතුලූ තිදෙනෙකු ටී 56 වර්ගයේ ස්වයංක‍්‍රීය  ගිනි අවි වලින් වෙඩි තබා ඝාතනය කෙරුනේ 2016 වසරේ අපේ‍්‍රල් මස 30 වනදා පස්වරුවේ.

ඒ එස් එෆ් බංඩා හෙවත් සරත් බංඩාර නැමැත්තා ඇතුලූ  තිදෙනා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඔවුන් පැමිණි මග හරස් කරමිනි  මෙම ත‍්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන්  තිරප්පනේ  පොලිසිය මූලික විමර්ශන  මෙහෙයවුවද එම අපරාධයට සමිබන්ධ කිසිදු සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට තිරප්පනේ පොලිසිය සමත් නොවීය.
 
මෙම අපරාධය සිදු වූ වකවානුවේදීම අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවක් බිද රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් රණ් භාණ්ඩ සහ මුදල් කොල්ල කෑමක් සිදු විය එම රණ් භාණ්ඩ සහ මුදල් කොල්ලයට සමිබන්ධ  සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලිසිය අසමත්වීම නිසා එහි ඉදිරි විමර්ශණ කටයුතු  පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා යටතට පැවරිණි.
 
එම මූල්‍ය ආයතන කොල්ලයට සම්බන්ධ බවට සැකපිට අත් අඩංගුවට ගත් නොච්චියාගම ප‍්‍රාදේශයේ සැකකරුවකුගෙන් දීර්ඝව සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම් වලදි එස් එෆ් බංඩා හෙවත් සරත් බංඩාර නැමැත්තා ඇතුලූ තිදෙනා ඝාතනය කිරීම සමිබන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අෙබිසේකර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක‍්‍රීයාත්මක වූ රහස් පොලිස් නිළධාරින්ට හැකි විය.
 
මෙම ත‍්‍රිත්ව ඝාතනයට එවකට අනුරාධපුරයේ සේවය කළ උසස්ම පොලිස් නිළධාරියෙකු සහ තවත් ආරක්ෂක අංශ සාමාජිකයින් සිවි දෙනෙකු  සහ නොච්චියාගම ප‍්‍රාදේශයේ ධනවත් ව්‍යාපරිකයෙකු සම්බන්ධ  බවට අනාවරනය වී ඇත්තේ එම සැකකරුගෙන් දීර්ඝව කරන ලද ප‍්‍රශ්න කිරීම් වලදීය  සැකකරුවන් අතර සිටින ඉහළ පොලිස් නිලධාරියා මීට පෙර රහස් පොලිසියේ සේවය කල අයෙකු බවද සදහන්ය අනුරාධපුර නගරයේ මූල්‍ය ආයතනයක් බිද රුපියල් කෝටි ගණනක් වටිනා රන් භාන්ඩ සහ මුදල් කොල්ලකෑම් සිද්ධියේ ප‍්‍රධාන සැකකරුද  දැනට අනාවරණය  කර ගෙන ඇති මෙම සැකකරුවන් අතර සිටින බවද වාර්තා වෙයි.
 
මීට දෙවසරකට පෙර වෙඩි තබා ඝාතනය කළ එස් එෆ් බංඩා හෙවත් සරත් බංඩාර නැමැත්තා ඇතුලූ තිදෙනා අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණය හමුෙවි චෝදනා ලැබූවෝ වෙති මෙම පුද්ගලයින් අතරින් එස් එෆ් බංඩා හෙවත් සරත් බංඩාර නැමැත්තා ශ‍්‍රි ලංකා පොලිසියේ  ප වතින නම ගිය අපරාධකරුවන්ගේ ලේඛනට  ඇතුළත්ව  සිටි අයෙකු බවද රහස් පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළි කර ගැණිනි.

 

 



අදහස් (1)

එස්.එෆ් බණ්ඩා ඝාතනයේ සැකකරුවන් හඳුනාගැනේ

Mahee Wednesday, 27 June 2018 07:10 AM

ඇඟ හිරි වැටෙන කතාවක්. අපරාධකරුවෝ කවුද? පොලිසියේ, ආරක්ෂක අංශවල නිලධාරීනුත් එක්ක කෝටිපතියෙක්. මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිටයි. අපේ රටේ සුදුසුතම පුද්ගලයෙකුට සුදුසුතම තනතුර දුන්න නම් ඒ ශානි අබේසේකර මහතාටයි. එතුමාගේ සේවය රටට දිගටම හිමිවේවා!

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30527 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12535 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10905 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 888 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site