එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ඇති කඹය අලුත්වැඩියා කළ යුතු බව බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
එම කඹය වෙනුවට වෙනත් කඹයයක් මිලදී ගන්නවාද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා මට්ටමේ පවතින බවත් මේ වන විට ඇති කඹයේ ගුණාත්මක භාවය පරීක්ෂා කෙරෙන බවත් අමාත්‍යංශය සඳහන් කරයි.
එමෙන්ම මේ වන විට අලුගෝසු තනතුරට අයදුම් පත්‍ර කැඳවන බවත් අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
අලුගෝසු තනතුර සඳහා අයඳුම්පත්‍ර යොමු කරන්නන් පෙබරවාරි 25 වැනිදාට පෙර අයදුම්පත්‍ර යොමු කළ යුතුය.
ඔවුන්ගේ සුදුසුකම් ලෙස මනා සිහිබුද්ධිය , මනා සෞඛ්‍යයෙන් යුතු වීම සහ වයස අවුරුදු 18 ත් 45 ත් අතර වීම සහ එමෙන්ම උස අඩි 6 සහ අගල් 2 විය යුතු බව බන්ධනාගාර අමාත්‍යංශය සඳහන් කරයි.
(36698)
COMMENTS
මහා විකාරයක්, රුපියල් 50 ක් දීලා ඉස්සරහ සිල්ලර කඩෙන් නයිලෝන් ලණුවක් ගත්තාම මදිද? අනික අඩි 6 අගල් 2 ක් කියන්නේ ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක් ගේ උසට වඩා හුගාක් වැඩි උසක්. නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටේකුට් තව ටිකක් ඕනේ කිව්වලු.
225 දෙනාම අපි හැමෝටම දුන්නු දිරච්ච ලණුවත් නැද්ද ඔය වැඩේට..?
මේකත් ලොකු ප්‍රශ්නයක්ද කියලා හිතෙනවා... ලංකාවේ තියෙන ලණු, කඹ හොඳටම ඇති.. හරක් බඳින ලණු හොඳයි. හරියට තොණ්ඩුව දාන්න තමයි දැනගන්න ඕනේ.. ලංකාවේ ඉන්න ගොඩාක් දේශපාලනය කරන අය අළුගෝසුකමටත් මේ තොණ්ඩුව දාන එකටත් වඩාත් සුදුසුයි.
එහෙමනං කණගාටුයි කියන්න. සුදුසුකම් ලෙස මනා සිහිබුද්ධිය බලනවා නං, වර්තමාන පාර්ලිමේන්තුවේ නියෝජනය කරන බහුතර අයට මෙම තනතුරට ඉල්ලුම් කරන්න බැහැ. මොකද ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට මතක නැහැ, ගත්තු තෑගි අමතක වෙනවා. හාර්ට් ඇටෑක් හැදෙනවා. නමුත් සමහරුන්ට ඔවුන්ගේ ඉතිහාසය බැලුවොත්, සුදුසුකම් තියනවා...
නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත් පට්ටයකුත් චුට්ටක් හොයනවා වගේ පිස්සු හටනක් මේකත්. ජනාධිපති, එල්ලන්න කුඩ්ඩෝ හොයනවලු !!! මාස දෙකෙන් උන් එල්ලීම සඳහා, තිබෙන කඹය "අලුත්වැඩියා කළ යුතු බව බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය" කියනවලු ! එහෙම දෙයක් ගැන මන් ඇහුවෙත් අදයි ! අපේ ගමේ මර්තේලිස් මාමා ධීවර බෝට්ටු බැඳ තබාගැනීම සඳහා කඹ අඹරනවා. එයාගෙන් එකක් ගන්න බැරිද? සමහරවිට එයාගේ කඹවලට කුඩු කාරයන්ගේ බර වැඩිවෙන්න ඇති. එ්නිසා, කොමිස් කාක්කෝ හරහා විදේශීය වෙළඳුන් මගින් ටෙන්ඩර් කැඳවා ආරක්ෂා සහිතව විශේෂ ගුවන් යානයකින් කඹයක් එනතුරු ජනාධිපතිට බලා ඉන්න වේවි!!! ඊට පස්සේ අළුගෝසු තනතුර සඳහා කොල්ලෙක් හොයාගන්න බැරි වුණා කියාවි. කොහොම වුණත් මේ කඹ ඇදීම ඉවරවෙනකොට, ජනාධිපතිවරනෙත් අවසාන වෙන එක නම් සහතිකයි. අනේ මෙහෙම රටක්!!!
දිනපතා ලණු, සාරි, චීත්ත, වයර් වලින් එල්ලිලා මැරෙන මිනිස්සු ඉන්න රටකට අපරාධකාරයො එල්ලන්න කඹ ඉම්පෝට් කරනවා..
නොකෙරෙන වෙදකම සහ කෝඳුරු තෙල් හත් පට්ටය...
එයා ගැන තමයි මම නොකියාම කිව්වේ. එයා නම් සුදුසුයි...
ලැජ්ජා නැතුව කියන හැටි..., ඔය වැඩේට හරියන කඹයක් ලංකාවේදී අඹරාගන්න බැරිනම් මේ රටේ තිබෙන හස්තකර්මාන්ත සහ වෙනත් කර්මාන්තවලින් වැඩක් තිබේද? හරියන කඹයක් නැහැ කියමුකෝ, පාකිස්තානයෙන් ඕක ඇනවුම් කළානම් පැය 24ක් තුළ ඕක DHL කරලා ගෙන්වාගන්න පුළුවන්... නමුත් අර ලිපිගොනුවල අත්සන් කරන්න ලොකු මහත්මයට පෑනක් තවම හොයාගන්න බැරිවෙලා.. ලොකු මහත්මයට එල්ලන්න මතක්වෙන්නේ වේදිකාවේ කතා කරන කොට, නමුත් කාර්යාලයට අාවට පස්සේ එ්ක නිකම්ම අමතක වෙනවා.
කුඩුකාරයින්ට ඉස්සරවෙලා එල්ලන්න ඕනේ බොරු කියන, මහජන සල්ලි හොරකම් කරන දේශපාලකයින්ව.., අපි කුඩු ගහන්නේ නැත්නම් කුඩුකාරයට අපේ සල්ලි ගන්න බැහැනේ, නමුත් දේශපාලකයා අපි කැමති වුණත්, නැතත් අපේ සල්ලි මංකොල්ල කනවා. ප්‍රසිද්ධියේ ඒවගෙන් සැපගන්නවා. අපි දුක් විඳිනවා.
විදුලි පුටුවක් ගේමු. නැත්නම් වෙඩි තියලා මරමු.
අර පාර්ලිමේන්තුවේ ඔය කඹ තියෙනවා. හරක් 225 ක් ඉන්නවානේ
උස අඩි 6යි අඟල් 2ක් ඉල්ලන්නේ අළුගෝසු තනතුරටද නැත්නම් එල්ලුම් ගහ හැටියට ගන්නද
සුන්දරත්වය කොට උට..... ඉතිරි කාලයත් කඹ හොයන්න
දැන් කඹයක් හොයාගන්න බැරිවෙයි 2020 ජනපතිවරනේ එනකන්...
මෙච්චර කොහු ලණු සහ කඹහදන අපේ රටෙන්ම හදාගන්නේ නැතුව මේකත් චීනෙන් ගේන්නද යන්නේ..?
ඕනෑම ගොඩනැගිලිද්‍රව්‍ය කඩවල අවශ්‍ය කඹ ඕනෑතරම් ලබාගත හැක.
එල්ලුම් ගහට කඹ හොයන්න ඔච්චර කාලේ කන්න (කාලකන්නි) එපා. කුඩ්ඩෝ ටිකක් අල්ලාගෙන උන්ගේ අතට කුඩු පැකට් ටිකක් දීලා පාතාල කල්ලි ගැවසෙන පළාතකට යවන්න. මොහොතක පසුව වෙඩි හඬ ඇහුනොත්, ආයෙත් විදේශ විණිමය වැයකර "දිරච්ච ලණු" ආනයනය කිරීමටත්, අළුගෝසු තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණ තියන්නත් ඕන වෙන්නේ නැහැ! මරණ පරීක්ෂණයක් තියා වළ දැම්මාම වැඩේ ඉවරයි! ඊට පස්සේ ජනාධිපති අහවි....."දැන් ඔබට සතුටුද" කියලා...!
කබායක් නැත්නම් ටොරොප් කම්බියක් දාලා හරි මෙය පටන් ගන්න.
හිනා යන වැඩ මේවා...!!! මෙච්චර කල් බලන් ඉඳලා දැන් කඹ හොයනවා. ජනාධිපතිවරණෙ එනකන් ඉතින් වධකයෝ ඉන්ටර්වීව් කරයි. අන්තිමට එල්ලුවම මැරෙනවද බලන්න කට්ටිය ඕනේ නම් පාර්ලිමේන්තුව පැත්තේ ගියා නම් හරි.
මගෙ උස අඩි 6 යි. ලංකාවේ මිනිස්සුන්ගෙන් අති බහුතරය මට වඩා කොටයි. මටත් වඩා අඟල් දෙකක් උස මිනිස්සු ලංකාවේ ඉන්නෙ කීයෙන් කී දෙනාද? ඔච්චර උස අය හොයන්නේ හිතාමතාම අලුගෝසු තනතුර සඳහා ඉල්ලුම් කරන අයැදුම්කරුවන් ප්‍රමාණය අඩු කරන්න. ජනාධිපතිතුමා මුලින්ම කරන්න ඕනේ ඔය කොන්දේසිය දැමූ බන්ධනාගාර නිලධාරිවරයාව සේවයෙන් පහ කිරීමයි...
ඔන්න ඕකට අමුඩ ලේන්සුවක් පාව්ච්චි කරන්න.
සංයුත්ත නිකායේ ලක්ඛණ සංයුත්තයේ තියෙනවා ප්‍රේතලෝකයේ අනන්ත දුක්විඳිමින් දුරදිග නොබලා සිදුකළ ඒ මහාපාපය ගැන පසුතැවෙමින් ඉන්න කවන්ධ ප්‍රේතයකුගේ කතාවක්. එයා මීට බුද්ධාන්තර ගණනාවකට එපිට තම රැකියාව වශයෙන් කළේ අලුගෝසු රාජකාරිය. එයත් එදා හිතන්න ඇති තමන් කරන්නෙ ජාතික සේවයක් කියලා. නමුත් එදා එයා රකින්න ගිය ජාතියවත්, රටවත්, දරුපවුලවත් උන්හිටිතැන්වල සළකුණක්වත් සොයාගන්නට නෑ. හැබැයි ඔහු අදටත් ප්‍රේත ලෝකයේ. "දුරබලන්න ළඟ නොබලන්න!" "දීඝං පස්ස. මා රස්ස!"
2020 වෙනකම් කඹ අදින්න. ජනතාවට වෙන්නේ එල්ලෙන්න.
2015, 2019 වෙනකම් ඇදපු කඹ... ජනතාවට... හොඳටම ඇති.
බැංකුවට වැඩේ දීපු මේ අය හොයාගන්න කොට කඹේ බේරයි...
අලුගෝසුවා කරන්නේ සිරකරුගේ බෙල්ලට තොන්ඩුව දමලා, ලිවර් එක අදින එක, ලිවර් එක සවිකර ඇත්තේ බිම එකට අඩි 6 අඟල් 2 උස වෙන්න ඕනෙද ? අඩි 5 1/2 තිබුනම හොඳටම ප්‍රමාණවත් , ඉස්සෙලා ලිපිගොනු නැහැ කිවුවා,ඒවා හොයල දුන්නහම කඹ නැහැ කියනව. දැන් කියනවා අඩි 6 අඟල් 2 උස මිනිස්සු ඕනෙලු , එකත් හොයල දුන්නහම තව එකක් කියාවි
එල්ලන්න මිනිහෙකු හොයාගත නොහැකිව ආණ්ඩුව දැඩි අපහසුවකට පත්ව සිටි .
එල්ලන්න මිනිස්සු නම් රටපුරාම ඉන්නවා එල්ලන කර්තව්‍ය කොරන්න මිනිස්සු තමයි නැත්තේ. හැබැයි එල්ලන්න ප්‍රථම අපරාදකාරයා කරපු අපරාදය අලුගොසුවාට දැනගන්න ඉඩහැරියොත් අලුගොසුවාට එම රාජාකාරිය සතුටින් කරන්න පුළුවන් වේවි