ලොව විශාලම ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන යුරෝපයේ එයාර්බස් සමාගම එම සමාගමේ රැකියා 15,000ක් පමණ කපා හැරීමට තීරණය කර ඇත.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා සිටි.
නව කොරෝනා වයිරසය හේතුවෙන් මෙලෙස රැකියා කප්පාදු කිරීමට සිදුව තිබෙන අතර මේ සම්බන්ධයෙන් එයාර්බස් සමාගම නිවේදනයක් ද නිකුත් කර ඇත.
රැකියා 15,000 එම සමාගමේ සමස්ත සේවකයන්ගේ සංඛ්‍යාවෙන් සියයට 11ක් බව ද පැවසේ. ලබන වසරේ දී මෙම රැකියා කප්පාදුව සිදු වේ. පසුගිය මාසවලදී එම සමාගමේ වාණිජ ගුවන් සේවා ව්‍යාපාරවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ඇත.
‘‘2023 වනතෙක් ගුවන් ගමන්, ‘කොවිඩ්-19’ වසංගතයට පෙර තත්ත්වයට පැමිණෙන්නේ නැහැ. ගුවන් ගමන් ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්වීමට 2025 වසර දක්වා ගතවේවි. මේ තත්ත්වය නිසා පශ්චාත් ‘කොවිඩ්-19’ තත්ත්වයට මුහුණ දීමට අමතර ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙනවා’’ යැයි එයාර්බස් සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
නව රැකියා කප්පාදුවත් එයාර්බස් සමාගමට සේවය කරන ප්‍රංශයේ 5,000කට, ජර්මනියේ 5,100කට, ස්පාඤ්ඤයේ 900කට, බ්‍රිතාන්‍යයේ 1,300කට රැකියා අහිමි වේ. ඊට අමතරව ලොවපුරා එම සමාගමට සේවය කරන තවත් පිරිසකට රැකියා අහිමි වේ.
පවතින තත්ත්වය සලකා බැලීමේදී අනිවාර්ය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇතැයි ද ඇතැම් සේවකයන් අතිරික්ත සේවකයන් යැයි ද එම සමාගම සඳහන් කළේය.
මෙම සැලැස්ම සම්බන්ධයෙන් සේවක සංගම් සමඟ සාකච්ඡා කරන බවත් රැකියා අහිමි වන පිරිස අඩු කරගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් සමාගම කීවේය. මේ අනුව ස්වේඡාවෙන් ඉවත්ව යෑම, කලින් විශ්‍රාම යෑම සහ අර්ධකාලීන රැකියා අවස්ථා ලබාදීම යනාදිය සම්බන්ධයෙන් එහිදි අවධානය යොමු කිරීමට නියමිතය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.