වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් කළ එමිල් රංජන් ළමාහේවා මහතා සහ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා බන්ධනාගාර රෝහලට මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයට කඩා වැදී එහි සිටි රැඳවියන් 27 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක රංගජීව මහතා අත්අඩංගුවට ගත් අතර වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ එවකට බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා මහතා අද අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ දෙදෙනාම අසනීප බව කියමින් කොළඹ ජාතික රෝහලත ඇතුළත් වූහ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරුවන් සිටි කොළඹ ජාතික රෝහලට ගොස් පරීක්ෂා කළ බලා ලබන 10 වැනි දා තෙක් ඔවුන් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
සැකකරුවන් රිමාන්ඩ් කිරීමෙන් පසු ඔවුන් කොළඹ ජාතික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
(072)
COMMENTS
රටේ ජීවත් වන යුක්ති ගරුක මිනිසුන්ට පිළිලයක් වූ මෙහෙව් අය මොන විදියකින් හෝ තුරන් කිරීම මේ සමාජයට කරපු ලොකු සේවයක්. ඒත් මේ වෙනුවෙන් මේ අයව හිරේ දාල ගත්ත ක්‍රියාමාර්ගය හරි කියල මෙතන අදහස් දැම්මත් ඒ ගැන මම පුදුම වෙන්නේ නැහැ !!
ඔයාලා දේශපාලුවෝ නොවන නිසා ඒ වරප්‍රසාදය නෑ.
මිනිස්සු වැරදි කරනවා. ඒ මිනිස්සුන්ට උසාවියෙන් දඬුවම් කරන්නේ ඔවුන්ව යහපත් පුරවැසියන් කරලා නැවත සමාජයට එක කරන්නයි. ඒත් මේ වැරදි සොයලා බලලා නිවැරදි කරන්න දාලා ඉන්න, මහජන මුදල් වලින් වැටුප් ලබන රජයේ නිලධාරීන්ම, පුද්ගලික ලාබ ප්‍රයෝජන වෙනුවෙන්, ඒ නිරායුධ සිරකරුවන් මරන්න කටයුතු කරනවා නම්, ඔවුන් කොතරම් දීන මිනිසුන්ද? කාගෙන්ද රටේ මහජනතාව "යුක්තිය" බලාපොරොත්තු වෙන්නේ??
රාජ්‍ය අනුග්‍රහය සහිතව අපරාධ කල අය හදුනා ගන්න පහසු ක්‍රමය තමයි මේක. අත් අඩංගුවට පත්වුන ගමන් රෝහල් ගත වෙන්නේ වගේම රෝහල් ගත කරන්නේ එවැනි අපරාධකාරයෝ බව මෑත අතිතය නිරික්ෂණය කිරීමේදී පැහැදීලී වෙයී.
බන්ධනාගාරයේ ,පොලිසියේ ඔය කියන උසස් නිළදාරීන් ඇත්තටම අසනීප වලින් පෙලෙන අයද?
බන්ධනාගාර අධිපතිව සිට බන්ධනාගාර ගත වුන කණගාටුවට ඇත්තටම ලෙඩ වෙන්න ඇති ...
බන්ධනාගාරය අයිති කොමසාරිස්ට එයාගෙ රෝහල හොද නැතුව ජාතික රෝහලට යනවනම්. අනෙක් අය ගැන මොන කතාද?
මේ යන විදිහට රාජකාරියත් ප්‍රශ්නයක් වේවි. මේ හිර කරන අය හැමෝම 2015 ට ඉස්සරවෙලා කරපු කටයුතු වලට තමයි මේ හිර කරන්නේ. පුදුමය නම්,2015 න් පස්සේ රාජකාරියේ යෙදුන අය හරියටම හරි වීමයි. කවුරුත් වැරදි කරලා නැහැ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල.
අපරාදෙ කියන්න බැහැ, මේ වහලය උඩ නැගල ඉන්න අය නම් හොදම හොඳ ගුණයහපත් මිනිස්සු.
මෙම අපරාධය මෙහෙයවපු අය ටිකක් සලිත වෙලා ඇති ...
මහින්ද බලයට පත්වූ පසු මේ සියලු දෙනාම එලියට දානවා. ඉවසන්න
කසුන් කියන නමේ අර්ථයටත් නිගා දෙන අදහසක් පල කිරීම ගැන නිතිය හැමට සමාන විය යුතුයි යන මතය පිලි ගන්න නිදහස් පුරවැසියෙක් වශයෙන් දුක් වෙන අතරම මේ අදහසට එකගව ප්‍රතිචාර දක්වා තිබෙන්නේ කසුන් වගේම දෙතුන් දෙනෙක් හෙවත් ලේ මාපිල්ලු වන බව ජනතාව දන්නා බවත් සදහන් කරමි.
මේ ප්‍රතිචාර දැක්වු සියල්ලෝම කරැණාකර 2012 සිද්ධිය බලා ඉන් පසු තමන්ගේ මත පල කරා නම් මිට වඩා වටිනවා. මේ සිදුවිම වු දවසේදි සිරකරැවන් බන්ධනාගාරයේ ආයුධ ගබඩාව කඩා ඉන් ආයුධ රැගෙන බන්ධනාගාරයේ වහලය මතට නැග එම ආයුධ පිටත සිටි ජනතාවටත් ආරක්ෂක අංශ නිලධාරීන්ටත් පෙන්වමින් සාමාන්‍ය ජනතාවට තර්ජනාත්මක ආකාරයට හැසිරෙන ආකාරය හොදින් දර්ශනය වන රෑප රාමු මාධ්‍ය මගින් දැක ගන්නට ලැබුනා. ඔබ සියල්ල එම රෑප රාමු දුටුවානම් මෙම ප්‍රවෘත්තියේ පලවී තිබෙන ආකාරයට මෙම අත්අඩංගුවට පත්වු නිලධාරීන් දෙදෙනා බන්ධනාගාරයට කඩා වැදුනාද නැද්ද යන්න පැහැදිලි වනු ඇත. එසේම ඒ සිදුවීම දුටු පසු ජනතාවගේ ආරක්ෂා ව වෙනුවෙන් එය මැඩලීම වරදක්ද නැද්ද යන්න ද ඔබටම තේරෙනු ඇත. මෙම අත්අඩංගුවට පතවු පොලිස් නිලධාරියා රටට සිදු කර ඇති සේවාව පිලිබදවද ටිකක් සොයා බලා ඉන් පසු තම මත ඉදිරිපත් කරන මෙන් කාරැනිකව ඉල්ලමි.
දිට්ට දැම්ම වේදනීය කර්මය.මොඋන්ට ලැබෙනවා.බුද්දාගම සත්‍ය.
සියල්ල පැහැදිලියි. යුද්දය කරපු එකත් වැරද්දක් වෙන දවසක් ළඟදීම එනවා. එදාටත් අපේ ගුණමකු මුල අමතක මිනිස්සු ත්‍රස්තවාදීන් මැරුවා කියල සාධාරණය ඉල්ලාවි..