(සුජිත් හේවාජුලිගේ )

එන්නත් කරන වැඩපිළිවෙළට සහයෝගය දීම මිස  ඊට බාධා කරන කිසිම කටයුත්තක්  නොකරන්නැයි කොවිඩ් 19  පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එවැනි බාධා කිරීමේ සිද්ධියක් කිහිපයක් පසුගිය දිනවල වාර්තා වූ  බවද ඔහු සඳහන් කළේය .

එන්නත්කරණ  වැඩසටහන් ක්‍රියාත්මක වන අවස්ථාවලදී ජනතාව සෞඛ්‍ය නීති අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව කී ශවේන්ද්‍ර සිල්වා මහතා  එසේ  කටයුතු නොකළහොත් තමන්ගෙ ජීවිත අවදානමට ලක් විය හැකි බවද පෙන්වා දුන්නේය .

රජය අඛණ්ඩ සංචරණ සීමා පැණවූයේ  ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන යැයි ඔහු වැඩිදුරටත් පැවසීය