රංජන් කස්තුරි
එක්සත් ජාතික පෙරමුණේ පත් කළ මන්ත්‍රී එම් එච් එම් නවාවි මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයකු වන නවාවි මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූයේ එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂයක් ලෙස ලැබුණු මන්ත්‍රී කෝටාව අනුවය.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිඵලයක් ලෙස නවාවි මහතා ඉල්ලා අස්වූ බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නවාවි මහතා කීවේ අස්වීම ගැන කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභ්‍යන්තර අර්බුදයකට හෝ වෙනයම් කරුණකට හෝ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම විශ්මය දනවන කරුණක් එලෙව්වත් යන්නේ නැති ප්‍රතිපත්තියක් නැතිකම ප්‍රතිපත්තියක් කරගත් දේශපාලකයන් ඉන්න රටක මෙහෙම දෙයක් අහන්න ලැබීමත් සතුටක්...