(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස තේරීපත්වූ අමාත්‍ය නවීන් දිසානායක මහතා එම ධුරයේ නිල වශයෙන් වැඩ භාර ගැනීම පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (24) සිදුකෙරිණි.
සර්ව ආගමික නායකයින්ගේ ආශීර්වාද මැද සුභ මොහතින් රාජකාරී ලිපියකට අත්සන් කිරීමෙන් වැඩ කටයුතු ආරම්භ කළ අමාත්‍යවරයා එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙන ලදී.
එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු දරණ මැති ඇමැතිවරු ද අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ බිරිඳ වෛද්‍ය ලංකා දිසානායක , මව ශ්‍රීමා දිසානායක , සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්ම මහත්මීන් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.



COMMENTS
ලක්ෂ සංඛාත සමෘර්ධිලාභී දීළිඳු ජනයාගේ නව ජාතික සංවිධායක ලෙස කටයුතු කරන්නේ නම් ඔබට ජය පතමි.
මේ වෙලාවේ වෙන්නම ඕන කරන ජාතික අවශ්‍යතාවයක් සිද්ද වෙලා තියෙන්නේ. දැන් ඔක්කොම රටේ කරදර ඉවරවෙලා සට සට ගලා දියුණු වේ.
ගරු නවීන් දිසානායක මැතිතුමනි..... ඔබ තුමාට ජයවේවා!!!........ එක්සත් ජාතික පක්ෂයට ජයවේවා!!!
මල්ලී වැඩ බාරගන්නකොටම අයියා "නායකත්වයේ වෙනස් වියයුතුයි" කියල තවත් හෙන ගෙඩියක් පාත්කරලා නේද? ආයෙත් වතාවක් දිනනවාමයි කියල මාධ්‍යවලින් කිය කියා යන වෙන කාගේවත් දෑත් ශක්තිමත් කරන්න යනවානම් නෙවෙයි ඔන්න.
දැන් එක්සත් ජාතික පක්ෂය නැමති වාහනයේ ටයර් මඩ්ගාඩ්වල ඉදන් එන්ජීම ගියර් බොක්ස් එක ක්ලච් ප්ලේට් ප්රෙෂර් ප්ලේට් ඔක්කම කීප සැරයක් මාරු කරලා බැලුවා වාහනය අඩියක්වත්හොල්ලන්න බැහැ. මොකද වැරද්ද තියෙන්නේ වාහනයේ නොවෙයි රෙපයාර් එක භාර ගත්ත බාස්ගෙයි. මිනිහා ඇත්තටම වාහන හදන්න දන්න එකෙක් නොවෙයි. නමුත් ඒක කියන්න වාහනයේ අයිතිකාරයෝ බයයී. හැමදාම මේ ගොන්බාස්ගේ පදේට නටනවා.