(නිමල කොඩිතුවක්කු)

 
එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ලබන 6 වැනි දා පෙරවරු 9.00ට ආරම්භ වේ.


එක්සත් ජාතික පක්ෂයේ  අභ්‍යන්තර සංවිධාන ව්‍යුහය ප‍්‍රතිසංවිධානය විමට ඇතිවූ එකඟතාවයන්  පිළිබඳ කාරණා පක්ෂයේ  නිළධාරි මණ්ඩලය විසින් අනුමත කර ගැනීම  මෙම  සම්මේලනයේ ප‍්‍රධාන අරමුණ වී තිබේ.


එක්සත් ජාතික පක්ෂය, පක්ෂයක් ලෙස මීළඟ ජනාධිපතිවරණය දක්වා යන ගමනේ  මූළධර්ම පිළිබඳ එකඟතාවයන් සහ පක්ෂ අභ්‍යන්තර සංවිධාන ව්‍යුහය පිළිබඳව  අනුමැතිය ලබාගැනීමත් පක්ෂ සංවත්සරයේ අරමුණ බවද එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.