(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ පූර්ණ ප්‍රතිසංවිධානය සඳහා පත්කෙරුණු දේශපාලන මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතව ඇත.
මෙම කමිටුව අද (19) රැස්වෙන්නේ දෙවැනි වතාවටය. ඒ අනුව පක්ෂයේ තනතුරු අද වෙනස් කෙරෙන අතර, එම තීරණය ලබන මැයි මස 06 දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මැයි රැලියේදී දැනුම්දීමට දේශපාලන මණ්ඩලය රැස්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ
මන්දිරයේදීය. පළාත් පාලන මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු වෙනස් කෙරෙන
පූර්ණ ප්‍රතිසංවිධානයක් සඳහා මෙම කමිටුව පත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන මොන තනතුරු මාරු උනත් රනිල් නායකයා. අවසාන තීරණ ගන්නේ එයා. එජාපයේ හැමදාම තියෙන එකම විහිලුව.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ ගැන වැඩිපුරම කතාකරන්නේ එජාප සාමාජිකයන් නොව එම පක්ෂයට සම්බන්ධ නැති පිරිස්ය. මෙවැනි සාකච්චාවක් ලංකාවේ වෙනත් දේශපාලන පක්ෂයක් පිළිබඳව සිදුවන්නේද නැත.එමගින් පිළිබිඹු වන්නේ එජාපය එහි ස්ථාවර ඡන්ද දායක සංඛ්‍යාව වන 30% - 35% අතර වූ පිරිසට වඩා සමස්ථ රට වැසියන්ගේ ඉරණමේ තීරණාත්මක පක්ෂය බවට පත්ව ඇති බවයි. කලක් පක්ෂය අරක්ගෙන සිටි තග් සංස්ථා නායකයෝ අකර්මන්‍යවී පක්ෂය මැර දේශපාලනයෙන් ඈත්වුන බවක් පෙන්නුම් කලද අවශ්‍ය වෙලාවට තගරි ක්‍රියාවක් කල හැකි බව මාතර කුරුඳු පොලු ප්‍රහාරයන් පෙන්වා දුනි. හැමදාම රටේ වාමාංශිකයන්ගේ වෛරයට පාත්‍රව තිබූ එජාපය දැන් වාමාංශිකයන්ගේ සහෘද පක්ෂයක් බවට පත්ව ඇත.ජනතා විමුක්ති පෙරමුණට අද ‘රතු අලි පැටියා‘ යයි අවලාද නැගෙයි.එජාප ආණ්ඩුවට ජාතික ලැයිස්තුවෙන් වාමාංශික පක්ෂ නියෝජිතයන්ද ඇතුලත්ව සිටිති. එජාපය සුළු ජාතික පක්ෂ වලටද සහෘද පක්ෂයක් වී ඇත. අද එජාපයේ ඉදිරි පෙළට නොකිලිටි තරුණ මන්ත්‍රීන් පැමිණෙන බවක් පෙනේ.කෙසේ වෙතත් එජාප ප්‍රතිසංවිධානයේ ආරම්භයම ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ පැත්තෙන් බැලූ කළ ධනාත්මක පියවරක් ලෙස හැඳින්විය හැකිය.
මොන පූර්ණ ප්‍රතිසංවිධානයක්ද නායකයා වෙනස්කරන්නේ නැතුව?
වෙනසක් අපේ නැතේ ඒයා කියා මෙය කියා ...........
වෙනස් වියයුතු එකම තනතුර අගමැති තනතුර එය වෙනස් නොකර මොන ජෝකරයා වෙනස් කලත් වැඩක් නැත. අගමැති කම වෙනස් කොරන්නත් එජාප යේ කෙනෙක් නැත. 2020 වනතුරු රට මේ කරුමය ගෙවිය යුතුය.
මොන පූර්ණ ප්‍රතිසංවිධානයක්ද නායකයා වෙනස්කරන්නේ නැතුව?
අගමැතිකම වෙනස් කොරන්න මෙයාලට මෙච්චර හදිසිසියක් මොකද දන්නවාද ? රනිල් තමයි මේගොල්ලන්ට තියෙන විශාලම අභියෝගය .හොර මැරකම් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් කරපු තමන්ගේ නයකයයි, හැත්ත බුරුත්තයි වෙනස් කරලා රට ඒ අයගෙන් බේරා ගැනීමයි කලයුතු වන්නේ. මේ හැතිකරයට ආයෙමත් රට දෙන්න තමයි මේ දඟලන්නේ. හොරකම, බොරුව, වංචාව, අවනීතිය රජ කරවලා ඒකාධිපති මහා රජෙක්ව සිංහාසනයේ වඩා හින්දුවන්නයි මේ උත්සාහය. ඇත්ත කිව්වාම,අර්ථ සාස්තරේ ගැන කියවනවා. මෙයාලගේ අර්ථ සාස්තරේ තියෙන්නේ උදර කුහරයේ පහලම ස්ථානයේ. පොතේ උගත්තු. ප්‍රායෝගිකව මධ්‍යස්ථව සිතන්නේ නැත.මොන උප්පරවැට්ටිය යොදන්නෙත් ඉහත කී ඒකාධිපති පාලකයාව ගෙනත් රට සුරපුරයක් කරන්නයි මේ අපරිමිත උත්සාහය.