(ඩයනා උදයංගනී)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පත්කරනු ලැබ තිබේ.
මීට පෙර එම ධූරයේ කටයුතු කරනු ලැබුවේ අනුර ප්රියදර්ශන යාපා මහතා වන අතර ඔහු මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කරමින් සිටී.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව එහි සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී දුමින්ද දිසානායක මහතා එම තනතුරට පත්කෙරුණු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.
COMMENTS
කොහෙන් හරි කමක් නැහැ... කීයක් හරි හම්බ කරගන්නනේ ඕනේ... නැද්ද?
දැන් මෙහෙම පක්ෂයක් නමට විතරයි තියෙන්නේ. මෙහි සාමාජික පක්ෂ ඔක්කොම දැන් පොහොට්ටුවේ..
තවම හිටපු ජනාධිපතිතුමිය කතා කලේ නැද්ද? එතුමියගේ පරණ පුරුද්ද තවම නැතිවෙලා නැතුවා වගෙයි පෙනෙන්නේ. එතුමිය ඊයේ (19) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බවට ප්‍රචාරය වුණාට එම ගමන තව දින කිහිපයකින් කල් දමා ඇති බවයි දැන් කියන්නේ. දැනට "පක්ෂය ගොඩ ගැනීමේ සාකච්ඡා" දුරකථන සාකච්ඡාවලට පමණක් සීමා වෙලාලු. ඒ වුණාට මංගල සමරවීර ඇමතිතුමා නම් මෙහෙ ඉඳගෙන බොහොම මහන්සි වෙනවලු.. ඡන්දෙට කලින් කවුරු හරි බාගන්න.
අනුර ප්රියදර්ශන යාපා මහතා පොදු පෙරමුණට ගිහිල්ලා කොච්චර කල්ද? අවුරුද්දක්? දෙකක්? එතෙක් කල් මේ කියන එ.ජ.නි.ස. අක්‍රීයවද තිබුනේ? මොකෝ හිටන් මේ පෙරමුණ සක්‍රීය කරන්න හිතුනේ? පහුගිය ටිකේ හම්බවුණු හූ හඬ නිසා අවදි වුණාද..?
වැඩේට හරියටම ගැලපෙන මනුස්සයා. කවුරු කොහොම බලයට එයිද, මොනවා වෙයිද කියලා දන්නේ නැති හින්දා කීයක් හරි හම්බ කරගන්න ලැබෙන අවස්ථාව මොකටද නැති කර ගන්නේ..?
තව හූවක් තියා පිළිගන්න., නව භාණ්ඩාගාරික, දුමින්ද..
ඩලස් කියනවා ජන මාධ්‍යයට ඝෝටාගෙන් අතීත දේවල් අහන්න එපාලු. දැම්මම ඔහොම තර්ජනය කරමින් කොන්දේසි දමනවානම් බලයට ආවොත් කොහොමට තිබේවිද කියා සියලු දෙනා තේරුම් ගත යුතුයි .