බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අනෙකුත් විද්‍යුත් ලිපින ගිණුම්වලට පිවිසීමට නොහැකිව ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිකුරාදා රාත්‍රියේ තොරතුරු වාර්තා වී ඇති නමුදු තම ගිණුම්වලට පිවිසීමට හෝ විද්‍යුත් ලිපින පණිවිඩ ලබාගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙන්නේ ඊයේ  (24) යැයි ද වාර්තා විය.

වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු විද්‍යුත් ලිපින ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් හදිසි පණිවිඩ තිබේ නම් කෙටි පණිවිඩයක් යොමු කරන්නැයි දැයි ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රිස් රෙනාඩ් ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ.

හැකර්කරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ විද්‍යුත් ලිපින ගිණුම්වල රහස්‍ය අංක අන්තර්ජාලයේ විකිණීමට දමා ඇතැයි ද වාර්තා වී තිබූ අතර මේ සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බව එරට බලධාරීහූ ප්‍රකාශ කළහ.
 
ඩේලිමේල් ඇසුරිනි 055