ඉන්දිකා රාමනායක
ශ්‍රී ලංකාවේ සිදුවන එක් මාරක රිය අනතුරක් වෙනුවෙන් රජයට රුපියල් මිලියනයක මුදලක් වැය වන බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මාරක රිය අනතුරේ පරීක්ෂණ සඳහා යන පොලිස් නිලධාරීන්ට, මහේස්ත‍්‍රාත්වරයාට, අධිකරණය වෛද්‍යවරයාට සහ අධිකරණ කටයුත්තු වෙනුවෙන් මෙම මුදල වැය වන බවද හෙතෙම කියා සිටියේය.
ශ්‍රී ලංකාව පුරා දිනකට මාරක රියඅනතුරු අටක් පමණ සිදුවන බවත් මෙම මාරක අනතුරු හේතුවෙන් වසරකට ජනතාවගේ මුදල් කෝටි ගණන් වියදම් වන බවත් අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මාරක රිය අනතුරු වලට අමතරව දිනකට රටතුළ රිය අනතුරු 100- 105 අතර ප‍්‍රමානයක් සිදුවන බවද හෙතෙම කියා සිටියේය.
මාර්ග ආරක්ෂාව සහ රිය අනතුරු අවම කිරීම පොලිසියට තනිවම සිදුකළ නොහැකි කි‍්‍රයාවක් බවත් ජනතාවගේ සහය මේ සඳහා අවශ්‍ය බවත් හෙතෙම කියා සිටියේය.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ රාජ්‍ය පරිපාලන සහ නීතිය හා සාමය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
COMMENTS
වැඩේ සිම්පල්... ත්‍රීවීලර් මොටර්සයිකල් පාරෙන් ඉවත් කරන්න. වාහන දඩ උපරිම කරන්න...
ඔය ලක්ෂ 10 ට අමතරව ජීවිත නැතිවීමෙන් ඒ පව්ල්වලට, යැපෙන්නන්ට වෙන හානිය ඉතා විශාලයි. වෙන රටවල් මාරක සහ බරපතල රිය අනතුරු අඩු කරන්න විශාල මුදලක් වැය කරනවා. අවාසනාවට අපේ රට බෞද්ධ රටක් වෙලත් ජීවිතයක වටිනාකම 10ක් විතරයි. මේ අනතුරුවල හේතුව,රියදුරන්ගේ විනයක් නැති කම වගේම, ලංකාවේ මාර්ග වල ප්‍රමිතිය හරි අඩුයි....
දුම්රිය හරස් මාර්ග අනතුරකදී පුවත්පත්වල ලියන්නේ අනාරක්ෂිත දුම්රිය ස්ථානයක් කියලයි. පොඩ්ඩක් හිතලා බලන්න දුම්රිය හරස් මාර්ගයක් අනාරක්ෂිතව තබා තියන්න පුළුවන්ද? ලංකාවේ සමහර ප්‍රසිද්ධ හතරමං ස්ථානයන් කෙළවර වාහන නවතිනු... කියන පුවරුවක් දකින්නවත් නැහැ. රියදුරන් එම ස්ථාන පසුකර යන්නේ ඔවුන් හිතන ආකාරයටයි. එම ස්ථාන ආරක්‍ෂිත ලෙස සකසාදීමට වගකියන්නේ කව්ද? බදු ගන්න රජයද? බදු ගෙවන ජනයාද? මැති ඇමැතිවරු හොරකම් කරන සල්ලිවලින් මහාමාර්ගය රියැදුරන්ට ආරක්‍ෂිත ලෙස වාහන පදවන්න සකසා දෙන්න බැරිකමක් නැහැනේද?
මට පෙනෙන සහ දැනෙන ආකාරයට අජිත් රෝහණ මහතා කරන ප්‍රකාශය සම්පුර්ණම බොරුවක්. මාරක රියඅනතුරක පරීක්ෂණ සදහා සම්බන්දවන පොලිස් නිලදාරීන්, මහේස්ත්‍රාත් වරයා සහ අධිකරණ වෛද්‍යවරයා ආදී සියලුදෙන රාජ්‍ය නිලදාරීන් සහ රාජ්‍ය සේවකයන් වන අතර ඔවුන් සියලුදෙනා සේවයට බදවාගෙන ඇත්තේ මාසික වැටුප් සහ අනෙකුත් දීමනා සහිතවයි. මාරක රියඅනතුරක පරීක්ෂණ කටයුතු යනු ඔවුන්ගේ රාජකාරියට අදාල රාජකාරියේ කෙටසක් මිස විශේෂ යමක් නොවන අතර ඔවුන් ආයතන තුල නිදාගෙන සිටියත් ඔවුන්ට හිමි වැටුප් සහ අනෙකුත් දීමනා නියමිත පරිදි කලට වෙලාවට ලබාදීමට රජය පියවරගෙන ඇත. එසේම මාරක රියඅනතුරක් යනු රජයේ අමතර වියදමක් නොවන අතර එය රජයේ අමතර ආදායම් මාර්ගයකි. කෙසේද යත් අනතුරට බාජනය වන වාහන වල අයිතිකරුවන්ගෙන් රජය දඩ මුදල් අයකරන බැවිනි. එසේම පරීක්ෂණ සදහා සම්බන්දවන සියලු නිලදාරීන් හට අනතුරට සම්බන්ද දෙපාර්ශවයෙන්ම තුටුපධු ලැබෙන අවස්ථා නොඅඩු බැවින් ඔවුන්ටද අමතර ආදායම් මාර්ගයකි. එබැවින් පොලිස්පතිවරයාගේ සිටම දුෂිත පොලිසියේ ඉහල නිලදාරීයෙකු වන අජිත් රෝහණ මහතා කරන ප්‍රකාශය සම්පුර්ණම බොරුවක් බව මගේ අදහසයි.
මේවා වෙන්නේ පොලිසිය පහව අරගෙන වැරදි කරුවන් අල්ලන්නේ නැති නිසය්. අපි ආණ්ඩුවට ටැක්ස් ගෙවන්නේ මේවා සම්බන්ද වැඩ වලටය්.
වාහනේ නොම්මර තහඩු ලාම්පු නෑ කියල පොලිසියේ පන්ති යන්න වුනා. ඇත්ටටම ඒ පන්තිය ඩයිවින් ලයිසන් ගන්න හැමෝටම වටිනවා. එ්ක නිසා ලයිසන් දෙන්න ඉස්සල්ල පන්තිය තිබ්බනම් ගොඩක් වටිනවා කියල හිතෙනවා.