( හර්ෂණ තුෂාර සිල්වා, ඡායාරූප - ඡායාරූප ඉෂාන් සංජීව )
 

සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතීන් බෞද්ධ, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි ආගම් අදහන පුද්ගලයන් ඇතුළු සියලු පාර්ශව එක් ශ්‍රී ලංකාවක් යටතට  ගනිමින් රට ඉදිරියට ගෙන යෑම සඳහා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි. 
 
බලාපොරොත්තු රහිතව එකිනෙකාට චෝදනා කරගනිමින් සිටිනාවට වඩා එකට එක්වී සෙමෙන් සෙමෙන් ඉදිරියට යෑම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පවසයි. අනෙකාගේ අයිතිවාසිකම්වලට ගෞරව කළ යුතු යැයි ද  අනෙකාගේ සාධාරණ ඉල්ලීම් පිළිගත යුතු යැයි වික්‍රමසිංහ මහතා පවසයි. 

සෑම අවස්ථාවකදීම තම ආගම ජාතිය සම්බන්ධයෙන් ආඩම්බර වෙමින් ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කරන අතරේම අන් ආගම් අන් ජාතීන්ට ගෞරව කළ යුතු බව ද එහිදි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. 
 
ජාතිය, ආගම, සමාජ තත්ත්වය හෝ අන් යමක් යොදාගෙන වෛරය පතුරුවමින් කිසිවකුත් පහත් කිරීමට ඉඩ නොදිය යුතු බවත් අගමැතිවරයා අවධාරණය කරයි.
 
කොළඹ එතෙර (කළම්ඹු ඕවසීස්) විද්‍යාලයේ, කොළඹ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 23 සැසිවාරයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.