මොස්කව්හිදීය/වොෂින්ටන්හිදීය (රොයිටර්/ඒ.එෆ්.පී)
රුසියාවේ සිටින එක්සත් ජනපද දූත මණ්ඩලයේ 775 දෙනකුට එරටින් පිටව යන්නැයි ජනාධිපති වැලැදිමීර් පුටින් නියෝග කර තිබේ.
ඇමෙරිකාව රුසියාවට සම්බාධක පැනවීමට ගත් තීරණයට එකට එක කිරීමක් ලෙස රුසියානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.
ජනාධිපති වැලැදිමීර් පුටින්ගේ එම තීරණයට අනුව රුසියාවේ සිටින ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 775 දෙනකු සැප්තැම්බර් 1 වැනි දා වනවිට රුසියාවේ පිටත්ව යා යුතුය. එසේ නිලධාරීන් 775 දෙනකු ඉවත්ව යෑමත් සමඟ රුසියාවේ ඉතිරිවන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ප්‍රමාණය 455 ක් වනු ඇත.
මෙම සිදුවීම නූතන ඉතිහාසයේදී රටක් එරට සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙතරම් සංඛ්‍යාවක් නෙරපූ පළමු අවස්ථාව ලෙස සටහන් වනු ඇත. තමාට තවදුරටත් පියවර ගැනීමට අවශ්‍ය නොවූ බවත් දෙරට අතරේ තිබෙන සබඳතා නොවෙනස්වනු ඇති බවත් තීරණය දැනුම් දෙමින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
රුසියාවට සම්බාධක පනවමින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් මණ්ඩලයේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊට අත්සන් තැබීමට නියමිතය.
(055)
COMMENTS
රුකඩයක් නොවන නියම නායකයෙක්!
මෙන්න නියම නායකයෝ. ගොර්බචොප් නමැති ඇමරිකානු රූකඩය පුද්ගලයා රුසියාව බින්දුවටම වැට්ටුවා. එ්ත් මේ අසහාය නායකයා නැවත රුසියාව නගා සිටුවා. එ්කට පිට ඉන්න නායකයෝ ගෝර්බචෝප්ටත් එහානේ...
මෙන්න නායකයෝ. මම පුදුම ගෞරවයක් තියෙන එකම නායකයා මෙතුමා විතරයි...
පුටින් නායකයෙක් තමයි. නමුත් ඔය පෙන්වන තරම් වැඩ්ඩෙක් නෙවෙයි. රුසියාවට ගියපු පයගහපු අය දන්නවා එයාගෙ පාලනය යටතෙත් ආර්ථිකය ගැනත්. පිටට පෙන්නන්නේ එකක්. ඇතුලේ තව එකක් ඕවා ඇස් වලින්ම දැකලා තියනවා.
කොන්දක් තිබෙන පුටින් ජනාධිපතිතුමාට ජය වේවා. නිවට නියාලු නායකයන් පාඩමක් උගනීවා.!!!
පුටින් මහතාට පක්ෂව යුක්රේන් ජාතිකයන් ඉතාලියේ උද්ඝෝෂණය කරනවා.
ඇමරිකාවත් කාගෙන් හරි ඉගෙනගන්න ඕනේ. හිතාගෙන ඉන්නේ ලෝකෙම ඇමරිකාව ගහන පදේට නටයි කියලා.
තමන්ගේ විරුද්ධ වාදීන්ට ඉඩ නොදෙන තාක් කල් බොහෝ නායකයන් වීරයන් වෙලා ඉන්නවා.
මෙවැනි නායකයෙක් දැන් ලංකාවටත් හිටියා නම් මරු... සෝවියට් දේශය නැවත ගොඩනගා ගන්න පුටින්ට වාසනාව ලැබේවා...!!!
රෝශීන් මහතාණනි ඔබ කතා කරන්නේ දන්නා දෙයට වඩා නොදන්නා දේ ගැනයි .පුටින් මහතා ඇමරිකානු තානාපති නිලදාරීන් 755 දෙනකු රුසියාවෙන් පිටකිරීමට හේතු දෙකක් මුල් උනා .1. ඇමරිකාවේ හිටපු ජනාදිපති බරක් ඔබාමා ඇමරිකාවේ සිටි රුසියානු තානාපති නිලදාරීන් 35 දෙනකු මිට මාස6 පෙර අමෙරිකාවෙන් නෙරපා හැරීමට පිළිතුරු දීමක් . 2. රුසියාව යුරෝපයට නල මගින් පරිසර ගෑස් බෝල්ටික් මුහුනද හරහා සැපයීමේ 2 වැනි පියවරට ඇමරිකාව මගින් තහංචි පනවා ඇමෙරිකාවේ ගෑස් යුරෝපයට ගන්න ලෙසට බල කිරීමයි. රුසියාවේ බලසක්ති ව්‍යාපාර වලට සම්බන්ද වන ඕනෑම රටකට තහංචි පනවන බව මේ ඇමෙරිකානු ලේකනයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ලෝකයේ ආර්ථික කටයුතු කලයුත්තේ ඇමෙරිකාවට ඕන විදියටයි ඔවූන් නියෝග පැනවීමට විරෝදය පෑමක් ලෙසයි. පුටින් සහ රුසියාව ඇමරිකාවේ සහ නේටෝ සංවිදානයේ චන්ඩිකම් ගණන් ගන්නේ නැහැ .අනෙක් කරුණ ඔබ රුසියාව ගැන පලකල අදහස් ගැනයි. ලෝක ජනගහනයෙන් 4% ක් සිටින්නේ රුසියාවෙයි . එහෙත් ලෝකයේ සම්පත් වලින් 40% තිබෙන්නේ රුසියාවෙයි .රුසියාවේ මිනිසුන් ගත කරන්නේ සැපවත් ජිවිත. ලෝකයේ කිසිම රටක නැති පහසුකම් රුසියානු රජය ජනතාවට ලබා දී තිබෙනවා .
ඇමරිකාවටත් බටහිර රටවලටත් අවශ්ය වී තිබෙන්නේ රුසියාවේ පරිසර සම්පත් ටික කොහොමහරි කොල්ල කා ගැනීමටයි. රුසියාව ගැන දැන ගත යුත්තේ බි බි සි යෙන් සහ සි එන් එන් එකෙන් එන තොරතුරු හරහා නොව රුසියාව මැදින් දෙන තොරතුරු අනුවයි.
ඇමරිකාවටත් බටහිර රටවලටත් අවශ්ය වී තිබෙන්නේ රුසියාවේ පරිසර සම්පත් ටික කොහොමහරි කොල්ල කා ගැනීමටයි. රුසියාව ගැන දැන ගත යුත්තේ බි බි සි යෙන් සහ සි එන් එන් එකෙන් එන තොරතුරු හරහා නොව රුසියාව මැදින් දෙන තොරතුරු අනුවයි.
කොමියුනිස්ට් වාදයේ තියන නරකම පැත්ත තම ඒකාධිපතිවාදේ. බලන්න ස්ටාර්ලින්,මාවෝ,උතුරුකොරියාවේ පවුලම,කියුබාවෙත් ඕකමයි. කොමියුනිස්ට්වාදේ අනික් නරකම දේ තමයි උග්‍ර නිලදාරිවාදයට විරුද්ද ප්‍රතිපත්ති දැරුවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදී ටත් වඩා නිලදාරිවාදය නැගිටින්න පුළුවන්. ගොර්බචෝප්ට කරන්න දෙයක් නැති තැන සෝවියට් දේශය කඩල දැම්මේ උග්‍ර ආර්ථික ප්‍රශ්න නිසා. නමුත් නරකම මිනිහා ගොර්බචොප් නොවේ යෙල්ට්සින්. යෙල්ට්සින්ගේ පාලන කාලේදී මිනිස්සු සුපර්මර්කට් මංකොල්ල කැවා. කුණු බක්කිවලින් කැවා. පුටිනුත් ඒකාධිපතියෙක්. එත් රුසියාව ඔය තත්වෙන් හරි ගෙනියන එක ගැන සතුටුයි. රුසියාවේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ආදායම චිනේ කම්කරුවෙක්ට වඩා අඩුයි. හැමෝම බලන්නේ බලය තරකරගන්න. සිරියාව ගිනිගන්නේ මේ රටවල් දෙකම හින්දනේ. ඇමරිකාවයි රුසියාවයි යුද විකුනනවා දෙපැත්තට. ගොන්නු මරාගන්නවා. ලෝකේ ලොකුම යුද වෙළෙන්දෝ දෙන්න ඇමරිකාවයි රුසියාවයිනේ....
පුටින් නියම නායකයෙක් බවට මින් පැහැදිලියි: