ඒ. අසේල
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී පාත හේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා බෝලෑප විහාරයේ හිමිවරු දෙදෙනෙක් පක්ෂ දෙකකින් තරඟ කිරීමට නාමයෝජනා බාර දී සිටිති.
බෝලෑපේ විහාරවාසි බෝලැපේ සුධම්ම හිමි හා හිදගොඩ ආනන්ද යන හිමිවරුන් මෙසේ පක්ෂ දෙකකින් නාම යෝජනා බාරදී ඇති අතර බෝලෑපේ සුධම්ම හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ද හිදගොඩ ආනන්ද හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද තරගවදිති.
බෝලෑපේ සුධම්ම හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි හිමිනමක් වන අතර හිදගොඩ ආනන්ද හිමි පිරිවෙන් ආචාර්යවරයකු ලෙස කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වහන්සේ නැවත ලංකාවේ පහල උනොත් මේ මොනවද වෙලා තියෙන්නේ කියල තේරුම් ගන්න එකක් නැහැ.
මේ හිමිවරුද? චීවරධාරීන්ද? කියන එකයි ප්‍රශ්නේ...?
අපේ සම්මා සම්බුදු දර්ශනයට වෙන නස්පැත්තියට කව්ද වගකියන්නේ !!!
බල්ලෝ දෙපැත්තට වෙලා බුරා ගත්තට එහෙමයි කියලා අපි නම් දන්නවා. එ්ත් ඉතින් දඩාවතේ යන බල්ලන්ට ඕවා ගානක් නැහැ.
මේ හාමුදුරුවරු බණට කියන්නේ මොනවද?
අනේ මන්දා මෙහෙමත් රටක් ...
පුජ්‍ය පක්ෂය සියලු දේශපාලන කටයුතු වලදී අනුසාසකත්වයේ පමණක් රැඳිය යුතුය. ලංකාවේ නැර අනිකුත් සෑම රටකම තියන සම්ප්‍රදාය හා පිලිගැනීම එයයි.