
(එම්.කේ.නන්දසේන)
ඌව පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය , පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය , කළමනාකරණ සහායක සංගමය , රියදුරු සංගමය ඇතුළු සෞඛ්‍යය කේෂ්ත්‍රයේ අංශ18 ක් හෙට (16) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇතැයි මොණරාගල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් වී.පී.එන්.සංජය මහතා පැවසීය.
මෙම වසරට අදාළ ගමන් වියදම් දීමනාව මේ දක්වා නොගෙවීමත් එය කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලීම් කළ පසු ඌව පළාත් ලේකම් විසින් පසුගිය වසර අවසානය දක්වා ගෙවමින් තිබූ ගමන් වියදම් දීමනා ප්‍රමාණය කපාහැර ඉතා අඩු මුදලක් ගෙවීමට චක්‍ර ලේඛනයක් මගින් දන්වා තිබීමට විරෝධය දක්වමින් මෙම තීරණය ගත් බව වී.පී.එන්.සංජය මහතා සඳහන් කරයි.
ඒ මහතා මෙසේ කීය.
‘‘අපට 2013 වසරේ සිට 2019 වසර දක්වා ගෙවමින් තිබූ ගමන් වියදම් දීමනාව මෙම වසරට අදාළව මේ දක්වාම අපට ලබා දී නැහැ.
මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු මෙය වහාම ගෙවන ලෙස දැනුම් දී තිබුණා නමුත් මේ දක්වා තවම අපට ලැබුණේ නැහැ.කොරෝනා වසංගත රෝගය මතුවූ ඉකුත් මාර්තු මාසයේ සිට ජුනි මාසය දක්වා අපි දිවා රෑ නොබලා, ආහාරයක්ද නොමැතිව කැපවීමෙන් කටයුතු කළා.
මෙසේ කටයුතු කළ නිසා රටක් වශයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා. මෙම කාලය තුළ අපේ බොහෝ නිලධාරීන් තමන්ගෙ බිරිය දරුවන් බලන්න වත් නොගොස් ඉතා කැපවීමෙන් කටයුතු කළා.
අනෙකුත් පළාත්වල මෙම දීමනාව ගෙවා තිබුනත් ඌව පළාතට පමණක් මේ දක්වා ගෙවීමට අපොහොසත් වී තිබෙනවා. ඌව පළාත් ලේකම් චක්‍ර ලේඛනයක් මගින් ඉතා අඩු මුදලක් ගෙවීමට තීරණය කර තිබෙනවා. එම චක්‍ර ලේඛනයට අපි විරෝධය දක්වා හෙට අංශ 18 ක නිලධාරීන් , කාර්යමණ්ඩල සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයාට , සෞඛ්‍ය ඇමතිනියට , අතිගරු ජනාධිපතිවරයාට, අගමැතිවරයාට දැනුම්දී තිබෙනවා.
මෙයට සාධාරණ විසඳුමක් ලබා දීමට අපොහොසත් වුවහොත් මෙම සියළුම අංශ අඛණ්ඩව වැඩවර්ජනයකට සූදානම් බවද ප්‍රකාශ කරන්න කැමතියි" යැයි කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලාගේ ඉල්ලීම සාධාරණ පාටයි. ඒත් ඉතින් අසරණ ලෙඩ්ඩු කීදෙනෙක් නම් විඳවයිද මේ නිසා නේද?