(විනීතා එම් ගමගේ)
අපොස උසස් පෙළ විභාගය අවසන් වී මාස හයක් ඇතුළත විශ්ව විද්‍යාලවලට සිසුන් ගන්නා ක‍්‍රමයක් ඇති කරන ලෙස රජයට බල කර සිටීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කර ඇත.
ඒ සඳහා අධ්‍යාපන බලධාරින්ට අවශ්‍ය සහාය දීමට තම සංගමය සුදානම් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ අධ්‍යාපන මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු ආචාර්ය ප‍්‍රීමාල් ප‍්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
දැනට විශ්ව විද්‍යාලවලට සිසුන් ගන්නේ උසස් පෙළ විභාගය අවසන් වී වසර එක හමාරකට වඩා වැඩි කාලයක් ගතවූ පසුව යැයි කී ඒ මහතා මෙසේ කරන්නේ ඉතා පහසුවෙන් මාස හයක් ඇතුළත සිසුන් ගන්නට හැකියාව තිබියදී යැයි ද ඔහු කීය.
උසස්පෙළ විභාගයේ දී පිළිතුරු ලියා අවසන් වන විෂයයන් වහාම පිළිතුරු පත‍්‍ර සමීක්ෂණය සඳහා යැවිය යුතු බවත් එසේ පරික්ෂා කර අවසන් වන විෂයයන් හි ප‍්‍රතිපල නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවත් කී ප‍්‍රනාන්දු මහතා ඒ සමඟම සිසුන්ට නැවත පරික්ෂාව අවශ්‍ය නම් ඊට අවස්ථාව සලසා දිය යුතු බවත් කීය.
මේ අනුව විශාල කාල පරාසයක් ඉතිරිවන බවත් එහි දී විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමට ඕනැ තරම් කාලය තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
අන්තර්ජාලය යොදාගෙන නවීන තාක්ෂණය ඔස්සේ මේ කටයුතු කළ හැකි බැවින් කාලය බොහෝ සේ ඉතිරි වන බව හෙතෙම තව දුරටත් පැවැසීය.
ලොව කිසිම රටක සිසුන් උසස් පෙළ අවසන්ව විශ්ව විද්‍යාල ආරම්භ කරනතුරු අවුරුද්දකට වැඩි කාලයක් නිකරුණේ ගත කරන්නේ නැතැයි ද මේ සම්බන්ධව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවද ඔහු පවසා සිටියේය.
COMMENTS
යෝජනා පමණයි ක්‍රියා නොමැත...
හොඳ යෝජනාවක්. හැබැයි එ්කේ ප්‍රයෝජනය අරගෙන වෙලාවට උපාධිය අරගත්තා නම් තවත් හොඳයි.
විභාගයට පහුවෙනිදාම ගත්තත් වැඩක් නැහැනේ, එතනට ගිය ගමන් ඉගෙනගන්න එක පැත්තක තියලා පාරේ උද්ඝෝෂණ...
එතකොට ඉක්මණින්ම මෙයාලට පාරේ ඉන්න අවස්ථාව ලැබෙනවා. මොකද එ්කට ගිය ගමන් මෙයාලව බ්‍රේන් වොෂ් කරනවනේ....
තමන්ට සෘජුවම අදාළ වන විශ්වවිද්‍යාලවල විභාගවල මෙයාලා මාස හයක්, ඒ කියන්නේ එක් සමාසිකයක් ඇතුළේදි විභාග වල ප්‍රතිඵල පිට කරනවාද?අන්න ඒක හොයලාම වැඩේට බහින්න ඕන.
කාලය නිකරුණේ ගත කරන්නේ නැතිව පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පටන් ගන්න
මෙහි අදහස් දාන සමහරු පුදුම ඊර්ෂ්‍යාවක් ඉගෙන ගන්න ළමයින් ගැන තියෙන්නෙ. හොදම අදහසක්. ඉක්මනට ක්‍රියාත්මක කරන්න. මෙය කළ හැකි දෙයක්.
විශ්ව විද්‍යාලයට බදවා ගැනීමට පෙර එහි දේසපාලනය කිරීම ඒ සදහා අනෙක් අයව පෙලබවීම මෙන්ම බලපෑම් කිරීම නියමිත කාලයන් වලදී එඉන් පිටවීම ( දේසපාලනය කිරීම සදහා විභාග කල දමමින්විශ්ව විද්‍යාලය තුල රැදී සිටීම ) වැනි දේවල් වාහන තහනම් කල යුතුය දේසපාලන කිරීමට අවසිනම් විශ්ව විද්‍යාලය භූමියෙන් පිටත එය කල හැකි සේම නියමිත් කාලයන් වලදී එයින් පිටවිය යුතුය මේ අය නිසා අසරණ දෙමාපියන් වේල නොකා දුක් විද දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරන මෙහෙය විශාල ලෙස අසාදරණයට ලක් වෙමි ඇත
කරුණාකර ඔය යෝජනාව වගේම, අර නවක වදය කියන දහ ජරාව නැවත් වීමටත් යෝජනාවක් ගෙන එන්න.
විශ්ව විද්‍යාල යෙන් පස්සේ, ජොබ් එකත් එසැනින් ලැබෙයිද ? එසේ වෙනවා නම් ලංකාවේ දියුණුව කිව නොහැකි තරම්, පිටරටවල මිනිස් ශ්‍රමය බොහොම අගයන නිසා මිනිස් ශ්‍රමය ආනයනය කරනවා එය ආණ්ඩුව නොදන්නේ ඔව්න් ඔව්න්ගේ සුවය ගැනම හිතන නිසා.