ඉන්දිකා රාමනායක
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ගෙවල් බිඳුම් නඩු 11ක් ඇති පුද්ගලයකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම එක් නඩුවකට වසර 4 සිරදඬුවමක් නියම කර ඇති බවත් නඩු තීන්දුවට එරෙහිව පළාත් බද මහාධිකරණයට අභියානයක් ඉදිරිපත් කර ඇපමත සිටින අයකු බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මොහුගේ සෙසු නඩුවලින් බේරීම සදහා මෙලෙස ලේඛනාගාරයට හොරොන් ඇතුළු වී ප්‍රෙට්ට‍්‍රල් වත්කොට ගිනි තබා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා පරිගණක ගත කරා නම් ඉවරනේ.
මිනිහ වැරදිකාරයා කියල ඔප්පු වුනොත් ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතුව හිරේට දමන්න ඕන.
නිතර නිතර හිරේ යන අය තමයි රටේ ලොක්කන්ගේ කොන්ත්‍රාත් කරන්නේ. ඕක පවරපු කෙනා හොයලා දඬුවම් දෙන්නයි ඕන.