ඊසාන දින මෝසම් වැසි ඇරඹීමට පෙර උමා ඔය විනාශය හේතුවෙන් ඉවත් කිරීමට සුදානම් විය හැකි 1600 කට වැඩි පවුල් සඳහා අවම වශයෙන් රුපියල් 30,000 ක නිවාස කුලියක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටී.
මේ වන විට බණ්ඩාරවෙල ඇල්ල, වැලිමඩ ප්‍රදේශයන්හි නිවාස 4500 ක් හානි වී හෝ ගිලා බැස හෝ ඇතැයි පවසන ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අද රජය විසින් ලබාදෙන රුපියල් 15,000 ක මුදලින් ගිලා නොබසින, ආරක්ෂිත නිවසක් නොව ‘හරක් මඩුවක්‘ හෝ කුලියට ගත නොහැකි බව එම කේන්ද්‍රයේ ප්‍රධානී කීර්ති තේන්නකෝන් මහතා පෙන්වා දෙයි.
2000කට වැඩි නේවාසික පාසල් දරුවන් ගිලා නොබසින, නගරයේ පාසල්වලට ආසන්න නිවෙස් වෙත මාරු කිරීමට දෙමාපියන් දරණ උත්සාහය නිසා කුලී නිවාස මිල දෛනිකව ඉහළ යමින් ඇති බවත් ඔහු කියයි.
තෙන්නකෝන් මහතා පවසන්නේ රජය විසින් ස්වෙච්ඡාවෙන් උමා ඔය පීඩිත ජනතාවට ලබා දී ඇත්තේ ‘නිවාස කුලී‘ පමණක් බවයි. එබැවින් බණ්ඩාරවෙල, ඇල්ල, වැලිමඩ, හාලිඇල සහ උමා ඔය ව්‍යසනයේ බලපෑමට යටත් වී ඇති අනෙකුත් ප්‍රදේශයන් හි නිවාසවලින් ඉවත් කරනු ලබන පවුල් සඳහා අවම වශයෙන් රුපියල් 30,000 ක උපරිමයකට යටත්ව නිවාස කුලී ලබාදීමේ වැඩසටහනක් සකස් කරන ලෙස මානව හිමිකම් හිමිකම් සංවිධානයේ ප්‍රධානී කීර්ති තේන්නකෝන් මහතා ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උමා ඔය පීඩිතයන් වෙනුවෙන් නිවාස කුලී වැඩිකරන්නැයි ඉල්ලයි
sachith Monday, 31 July 2017 05:27 AM
මේ මිනිස්සුන්ගේ ගෙවල් කුලිය වැඩි කරලා කොහොමද ඇමති මණ්ඩලේ නඩත්තු කරන්නේ, පාවිච්චි නොකරන ගොඩ නැගිලි වලට කෝටි ගණන් කුලී ගෙවන්නේ, ලෙඩ්ඩු නැති ඉස්පිරිතාල නඩත්තු කරන්නේ?