නව ව්‍යවස්ථාවක් යටතේ උපරිම බලය බෙදීමකට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සම්පුර්ණයෙන්ම එකග බවත් නමුත් ජනාධිපති ධූරයේ අවශ්‍යතාවද ඇති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අදහස වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
එමෙන්ම නව ව්‍යවස්ථාව තුළින් සෙනෙට් සභාවක් පිහිටුවීමටත් එහි මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර 02 ක් ලබාදිය යුතු බවට වන යෝජනාවක්ද ශ්‍රීලංකා නිදහස් පක්ෂය විසින් අතුරු වාර්තාවට ඇතුළත් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අමාත්‍ය ධුර සංඛ්‍යාව සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාවද තීරණය කළ යුතු අතර අමාත්‍යාංශ විෂයන් වෙනස් කළ නොහැකි ආකාරයට ඇතුළත් කළ යුතු බවට වන යෝජනාවක්ද ඇතුළත් කළ බව අමාත්‍යවරයා පැවසුවේ අද(21දා) පාර්ලිමේන්තුවේදී රැස්වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදහස් දැක්වීමේදීය.
044

COMMENTS
අනේ මෙයාලගේ බයිලා තමයි. පක්ෂ දෙක එකතුවෙලා රට හදන්න බ. හැමදාම නයි මුගටි වගේ... දැන් රටේ බලය උපරිමයෙන් බෙදන්න එකඟයිලු....
මේ උන්දෑ නිතරම දෙසාබාන්නේ ඇත්ත නොව, ලොකු කෙනා කියනවා නම් ඕනෑම දෙයක් ගිල දමන්නම් කියලා තමයි.
මොකද්ද මේ උපරිමය? වෙන්වීමද?