(රොමේෂ් මධුෂංඛ)
දේශපාලන සිරකරුවන් වෙනුවෙන් වූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (13) උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෛනික කටයුතු සියල්ලක්ම අඩාල වී ඇත.
උතුරු පළාතේ සියලුම වෙළඳසල් අද උදෑසන සිට වසා තිබුණු අතර බස් ප්‍රවාහනය ඇතුළු සියලු ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී තිබේ. උතුරු පළාතෙන් පිට පළාත්වලට පමණක් බස් ධාවනය සිදු විය.
ඊට අමතරව උතුරේ සියලුම දෙමළ පාසල්හි අධ්‍යාපන කටයුතු අඩාල වී තිබූ අතර යාපනයේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන තිබුණි.
උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව හා දේශපාලන සිරකරුවන් මුදවා ගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන එම්.ශක්තිවේල් පියතුමන් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය සංවිධානය කළ අතර ඒ සඳහා උතුරේ පිහිටි සියලු ස්වේච්ඡා සංවිධානද සහාය දෙනු ලැබීය.





(ඡායාරූප-සිතුම් චතුරංග)




COMMENTS
මධ්‍යම රජයකට මෙහෙම බලපෑම් කරනවා නම් ප්‍රදේශ එක්කලොත් කරනදේ හිතාගන්නත් බැරිවෙයි. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා...
පේනවා නේද එකමුතුකම අපි කොහොමද ශ්‍රී ලංකා, යු එන් පි කියල බෙදිලා ඉන්නේ, අපේ ජාතිය පහතට වැටෙන්න ප්‍රධාන හේතුව එක තමයි. දැන්වත් මේවා බලලවත් එකමුතු වෙයල්ලා .............