IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


උතුරු මහඇමැති තරුණ සංසදයක් හදන්න සුදානමක්


 
                        
(රොමේෂ් මධුෂංඛ)    

                                                  
යුද්දෙන් පසුව උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන ජූලි තරුණ සමුළුවක් පැවත්වීමට පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියේය.


ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේ දී දෙමළ ජනතා සභාවේ සාමාජික රැස්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.


එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා වැඩිදුරටත් කියා සිටියේ,


‘දෙමළ ජනතා සභාව මගින් සිදු කරන මෙම සියලු ක්‍රියාවන් දෙස දෙමළ ජනතාව බුද්ධියෙන් බැලිය යුතුයි අපි දේශපාලඥයින් සහ විවිධ පුද්ගලයින් එකතු කරගෙන යාමෙන් මේක දේශපාලන පක්ෂයක් වෙන්නේ නැහැ ඒ විදිහට අපි දෙස බලන්නත් එපා.


‘යුද්දය නිසා උතුරු නැගෙනහිර තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට ගැටලු තියනවා අපි පළමුව ලබන මාසේ උතුරේ තරුණ තරුණියන් වෙනුවෙන් යාපනයේ සමුළුවක් පවත්වලා අනෙක් සමුළුව අපි නැගෙනහිර ප්‍රදේශයේ පවත්වන්න පියවර ගන්නවා. එහිදි අපිට දෙමළ තරුණ තරුණියන්ගේ ගැටලු මොනවද කියල සාකච්ඡා කරන්න පුලුවන්,


යුද්දය නිසා තරුණ තරුණියන්ට ඇති වූ ගැටලු වලට ගතහැකි විසඳුම් මොනවද කියලා අපි සාකච්ඡා කරනවා ඊළඟ පරපුර පවත්වාගෙන යන්නනම් දැන් සිටින පරපුරේ සංස්කෘතිය ආරක්ෂා කරගත යුතුයි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට හැකි වන්නේද තරුණ තරුණියන්ටයි ඒ නිසා උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට ලබාදිය හැකි ආර්ථික හා සංවර්ධන විසඳුම් ලබාදීම වෙනුවෙන් තරුණ සංසදයක් ගොඩනගා ගත යුතු වන බවටද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.  



අදහස් (5)

උතුරු මහඇමැති තරුණ සංසදයක් හදන්න සුදානමක්

රවින් Wednesday, 06 June 2018 12:09 PM

තරුණ පරපුරට තියන ප්‍රධානම ගැටලුව තමයි, පැන්ෂන් කාරයින් ටික හොද්ද කලත්ත කර කර පරණ වෙලා විසිකරපු තුනපහ නැවත නැවත එක්කහු කරන එක...

:       0       4

gallage Wednesday, 06 June 2018 12:26 PM

සංසද අන්තිමට සයනයිඩ් බෙල්ලේ එල්ලගෙන කෙලවර වෙයිද දන්නේ නැහැ...

:       0       54

Hafeel Wednesday, 06 June 2018 03:10 PM

ඔන්න මතක තියාගන්න. අමෘතලිංගම් මහතාත් 1977දී වට්ටුකොටෙයි යෝජනාව කියලා සමුලු පවත්වලා අවසානයේ එම තරුණයන්ගේ අතින්ම නැති වුණා.

:       0       0

Bamunuarachchi Wednesday, 06 June 2018 05:38 PM

විග්නේස්වාරන් ඔබ දෙමල තරුණසංසදයක් හදන්න අපිත් සිංහල තරුණ හමුදාවක් හදන්නම්

:       0       4

Bamunuarachchi Thursday, 07 June 2018 09:59 AM

යුද්දය ඉවර උනාම පතුරොම් ලක්ෂ කොපමණ ගණනක් ඉතිරි උනා කියලා පත්තරේක තිබුණා. දැන් තේරෙනවා මහින්ද මහතාගේ අනාගත දැක්ම. 2020න් පසු ඔබ තුමාට සිංහල ජාතිය වෙනුවෙන් තව මෙහෙවරක් තිබෙනවා. හමුදාවෙන් ඉවත්වූ සිංහල කොල්ලෝ නැවත හමුදාවට බලෙන් ඒවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1875 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site