(රොමේෂ් මධුෂංඛ)

එච්1එන්1 ඉන්ෆ්ලුවන්සා රෝගය වැළදුණු බවට සැකකෙරෙන රෝගීන් 400ක් පමණ මේ වන විට උතුරු පළාතෙන් සොයාගෙන ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා පවසයි.

“වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙන්. එහි නේවාසික රෝගීන් 244 ක් ඉන්නවා. ඉන් 80 දෙනෙකු ගර්භණී මවුවරුන්. රුධිර සාම්පල ආදිය කොළඹට යවා කළ වෛද්‍ය පරීක්ෂණවලදී 65 දෙනෙකුට පමණ එච්1එන්1 ඉන්ෆ්ලුවන්සා රෝගය වැළදී ඇති බවත් 37 දෙනෙකුට එච්1එන්1 වෛරසය ශරීර ගත වී ඇති බවත් වාර්තා ලැබී තියෙනවා “ යැයි ද ඒ මහතා කියයි-

උතුරු පළාතේ කිසිදු රෝහලකදී එම වෛරසය පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට පහසුකම් නොමැති නිසා නිශ්චිත වශයෙන් රෝගීන් සංඛ්‍යාව ගැන කිව නොහැකි බවද ඒ මහතා පවසයි.