IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උතුරු පළාතට නව ඇමැතිවරු දෙදෙනෙක්

(රොමේෂ් මධුෂංඛ)

උතුරු පළාත් සභාවේ පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් වෙනුවෙන් නව අමාත්‍යවරුන් දෙදෙනෙක් අද (29) උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දුන්හ.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යංශය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා වෙත පවරා ගැනිණි.

කාන්තා කටයුතු, පුනරුත්තාපන , සමාජසේවා, සමූපකාර , ආහාර සැපයුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප්‍රවර්ධන අමාත්‍යවරිය වශයෙන් ආනන්දි ශෂිධරන් මහත්මිය දිවුරුම් දුන්නාය.

ත්‍රීඩා හා යෞවන කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අචාර්ය කන්දයියා සරවෙස්වරන්  මහතා දිවුරුම් දුන්නේය.

ඊට අමතරව මුදල් හා ක්‍රම සම්පාදන , නීතිය හා සාමය , ඉඩම් විදුලිබල ,නිවාස හා ඉදිකිරීම්, සංචාරක ,පළාත් පාලන, පළාත් පරිපාලන ,කෘෂිකර්ම හා ගොවිජන සේවා ,සත්ව පාලන , වාරිමාර්ග, ජලසම්පාදන සහ පරිසර අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේෂවරන් මහතාද උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.



අදහස් (0)

උතුරු පළාතට නව ඇමැතිවරු දෙදෙනෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 128 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site