(ඩයනා උදයංගනී)
දිවයිනට ඊසාන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලට ඉදිරි දින කිහිපයේදී තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප‍්‍රදේශවලට ද පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වලට මෙන්ම මේ දිනවල දිවයිනට බලපා ඇති අන්තර් මෝසමේ බලපෑම හේතුවෙන් උතුරුමැද, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
මීට අමතරව බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදය කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්‍ෂා කළ හැකි බව ද ඔහු පැවසීය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීම සඳහා පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
මන්නාරම සිට කන්කසන්තුරය සහ ත‍්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මුහුදු ප‍්‍රදේශයන්හි ද තද වැසි ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම මුහුදු ප‍්‍රදේශ රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2025 නොවැම්බර් මස 21
64
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
162
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
උතුරු- නැගෙනහිර පළාත් වලට තද වැසි