(හර්ෂණ තුෂාර සිල්වා)
දෙමළ ජනතාව බහුතරයක් ජීවත්වන උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ධනය වෙමින් තිබෙන ණයගැති බව අධ්‍යයනය කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
“උතුරු හා නැගෙනහිර පළාත්වල ගෘහස්ථ ණය වැඩිවෛමින් පවතිනවා. යුද්ධයෙන් පසු තම ජීවිත නැවත ගොඩනැගීමේදී එම පළාත්වල ජනතාව විවිධ අර්බුදවලට මුහුණ දෙමින් සිටිනවා. අපි මේ ගැන අධ්‍යයනය කර විශ්ලේෂණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව මහ බැංකුව විදියට අපි ඊට අවශ්‍ය පියවර ගන්නවා “යැයි කොළඹ සිටින විදෙස් වාර්තාකරුවන් හමුවෙමින් මහ බැංකු අධිපතිවරයා පැවැසීය.
2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වීමෙන් පසුව නැවත තම ගම්බිම් හා නිවෙස් වෙත පැමිණි ජනතාව මේ වනවිට තම ජීවිතය නැවත ගොඩනගා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටිති. දශක තුනක කාලයක් පැවැති යුද්ධය හේතුවෙන් එම පළාත්වලත් ජනතාව රැකියා සොයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින අතරම නිශ්චිත රැකියාවක් නොමැතිවීම නිසා ණය ගැනීමට පෙළඹී සිටිති.
එම පළාත්වල දුප්පත්කම ඉතා ඉහළ ගොස් ඇති බව ශී‍්‍ර ලංකා මහ බැංකුව මෑතකදී නිකුත් කළ වාර්තාවකින් ද පෙනී යයි. පසුගිය කාලයේදී ශී‍්‍ර ලංකාව මුහුණ දුන් නියං තත්ත්වය හේතුවෙන් උතුරේ ප‍්‍රධානතම ආර්ථික ධාවකයක් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට දැඩි බලපෑමක් එල්ල විය.
නියං තත්ත්වය දිගින් දිගටම පැවැතිය හොත් රටට ඩොලර් මිලියන 800කට ආසන්න සංඛ්‍යාවක අමතර ආහාර හා ඉන්ධන ආනයන කිරීමට වනු ඇතැයි ද ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තත්ත්වය උතුරේ පමණක් නොව දකුණෙත් තියෙනවා .රජය පණවන බදු බර දරාගන්න කාටත් අමාරුයි
මේ ආණ්ඩුව ආපු දවසේ සිට රට ණයවෙන එක කෙසේ වෙතත් අපි ණයවෙන එකනම් වෙනවා. මෙය උතුරු නැගෙනහිර විතරක් බලපාන දෙයක් නෙමෙයි