(චමිල් රුපසිංහ)
වත්මන් වාතාවරණය අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල යුද හමුදා කඳවුරු කඩිනමින් ඉවත්කර ගැනීම සුදුසු නොවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
දේශපාලනයේදී විවිධ අදහස් පළ කළ හැකි නමුත් රටේ ජාතික හා රාජ්‍ය ආරක්ෂාවේදී රාජ්‍ය මට්ටමින් තීන්දු ගැනීමට සිදුවන බව බව ඒ මහතා පවසයි.
“දකුණේ ජනතාව පිළිබදව අවබෝධයක් ලබා ගැනීම සදහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මහනුවරට පැමිණීම පිළිබදව සතුටු වෙනවා.උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසන පරිදි එක්ලක්ෂ අසූදහසක යුද භට පිරිසක් එහේ නෑ.එම ප්‍රදේශයේ සිටින සෙබලුන් රටේ අවශ්‍යතාව අනුව එහි රඳවා තැබිය යුතුයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ බලපරාක්‍රමය පිළිබද තොරතුරු වසන් කිරීමට හැකියාවක් නැහැ.එය රාජ්‍ය ආයතනයක් නිසා වැටුප් තොරතුරු මහා භාණ්ඩාගාරයේ හා ආරක්ෂක අමාත්‍යංශයේ සදහන්ව තිබෙනවා.එනමුත් උතුරේ හා නැගෙනහිර එක්ලක්ෂ අසූදහසක භට පිරිසක් නැහැ.
ජාතික ආරක්ෂාව පිළිබද වගකීම ජනාධිපතිවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන්, නාවුක හමුදා, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය වැනි ආයතනවලට පැවරෙන බැවින් ඒ ඒ ආයතන අදාළ පරිදි තීන්දු තීරණ ගන්නවා.යුද හමුදාව සටන් කළේ සාමාන්‍ය ජනතාව සමග නොව ත්‍රස්තවාදීන් සමගයි“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
යුද හමුදාපතිවරයා මේ බව පැවැසුවේ ඔක්තොම්බර් 10 වෙනිදාට යෙදි තිබෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවත්සර සැමරුම් දිනය නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට යුද හමුදාවේ ධජ පූජා කිරිමට එක්වූ අවස්ථාවේදී ය.
ශ්‍රී දළදා මාලිගාව වෙනුවෙන් මූල්‍ය ආධාරයක් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත පරිත්‍යාග කිරීම යුද හමුදාපතිවරයා අතින් එහිදී සිදුවිය.



COMMENTS
යුද්ධයක් නැතුව විශාල කඳවුරු පවත්වාගෙන යාම නිසා කඳවුරු වලට පවරාගත් ඉඩම්වල අයිතිකරුවන්ට අසාධාරණයක් සිදුවෙනවා.
එල ටෝක. දේශපාලකයන්ගේ රෙදිත් නැතුව ඇති....
ඇයි දෙයියනේ, යුද හමුදාපති තුමා දළදා මාලිගාවේ මුදල් ගිලින අයටම ඔය මූල්‍ය ආධාරය දුන්නේ. එතුමා දන්නේ නැතුව ඇති ඔය කෙනාගේ කැරැට්ටුව. අපරාදේ සල්ලි...
අසෝක ජයතිලක මිලානෝ මයා වෙත නැවතත් මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමු. කරුණාකර පාට, පක්ෂවලින් තොරව ලෝකයේ තිබෙන සෑම රටක් ගැනම (අප මවුබිම හැර) හොඳින් හොයාබලන්න. සෑම රටකම මුලිකත්වය දී තිබෙන්නේ එම රටේ අරක්ෂාවටය. කෙටියෙන් කියනවා නම් එම රටේ දියුණුවට, එම රටේ ආරක්ෂාවට අවශ්‍ය නම් පුරවැසියන්ගේ දේපොළවුවද අදාල වන්දි ලබාදී රජයට පවරාගත් අවස්ථා ඕනෑතරම් තිබේ. තවද සාමාන්‍ය දැනුම ඇති ඕනෑම කෙනෙකුට වුවද "තෝර කැලෙත් කොටින් සිටිය හැකිබව" තේරුම් යන සත්‍යකි. (මෙසේ අප සඳහන් කලේ ඔබට පරිභව කිරීමට නොවේ.)
අසෝක ජයතිලක කියන්නේ රටට ආදරේ ඇති කෙනෙක් නෙවෙයි. සිංහල නමක් තියෙන කොටියෙක් වෙන්නැති...
එඩිතර ප්‍රකාශනයක්... ජයවේවා!!! මහ ඇමති වුණාට ආරක්ෂක ඇමති නෙවෙයිනේ... ත්‍රස්තවාදී නොවන ත්‍රස්තවාදීද?
රටේ ආරක්ෂාව තහවුරු කිරීමට හමුදා කඳවුරු නිසි තැන වල අනිවාර්යෙන්ම ස්ථාපිත කලයුතුයි. අපේ රටේ විතරයි දේශපාලකයන් හමුදා කඳවුරු ගැන අනවශ්‍ය අදහස් දක්වන්නේ.කිසිම රටක හමුදාව ගැන මෙහෙම හිතන්නේ නෑ... අපේ සමහර අන්තවාදී ඇමතිවරු වගේ නැහැ. රටේ ආරක්ෂාව තිබු පරිදිම ඉහළ මට්ටමින් තැබිය යුතුයි.නැතිනම් සමහර අන්තවාදීන් බොරදියේ මලු බෑමට යාමෙන් අපේ රට නැවතත් අරාජික වෙනවා.
ත්‍රස්තවාදය ඉවර කරන්න බැහැ අපි ඉවර කලේ පැවතුණු දෙයක්. නමුත් හෙට එවැනි දෙයක් පටන්ගන්න පුළුවන්. කඳවුරු තියෙන්නේ එවැනි වටපිටාවක් ඇතිවීම වලක්වන්න. ඔබතුමාට බොහොම ස්තුතියි නොබියව කළ ප්‍රකාශයට...