(රොමේෂ් මධුෂංඛ)
යුද්යෙන් විනාශ වී ඉතිරි වූ උතුරේ වනාන්තර විවිධ පුද්ගලයින් හා සංවිධාන විසින් සිදු කරන විනාශය වහාම නැවත්වීමට උතුරේ සියලු ජනතාව එක්විය යුතු බව පවසමින් අද (6) කිලිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේ දී විරෝධතාවක් සංවිධානය කෙරිණි.
සමාජ සාධාරණත්වය සඳහා වූ බහුජන සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර විරෝධතාවය සඳහා කිලිනොච්චිය හා මුලතිව්හි වැසියන් රැසක් සහභාගී වූහ.
කොකාවිල් ප්‍රදේශයේ විවිධ සංවිධාන හා පුද්ගලයින් විසින් කැලෑ එළි පෙහෙලි කරමින් වැලි හා බොරලු කැපීමේ මහපරිමාණ ව්‍යාපෘති කරන අතරම ඒ සඳහා දේශපාලන සබඳතා හමුවේද සිදු කිරීම නිසාවෙන් නීතිය ක්‍රියාත්මක නොවන බවටද විරෝධතාකරුවෝ කියා සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ වන විනාශයට පමණක්ද? විරෝධතාවය රටේ අනික් පළාත්වල වන විනාශ කළාට කමක් නැද්ද විරෝධතාකරුවනි...,