රාජ්‍යය විරෝධී ක්‍රියාවල නිරත වීමට උත්සාහ කළ බව සඳහන් කරමින් තවත් ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසියකු අත්අඩංගුවට ගත් බව උතුරු කොරියාව ඉරිදා (7) ප්‍රකාශ කළේය.
ඒ අනුව උතුරු කොරියාවේදී අත්අඩංගුවට ගත් සිව්වැනි ඇමෙරිකා පුරවැසියා වනු ඇත්තේ ඉරිදා (7) අත්අඩංගුවට පත් පුද්ගලයා බව පැවසේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපැවැත්වීමත් අත්තනෝමතික පාලන ක්‍රමයත් නිසා උතුරු කොරියාව ලොවෙන් හුදකලා වූ රටක් බවට පත්ව ඇත. ඔවුන්ගේ එකම මිත්‍ර රට බවට පත්ව සිටි චීනය ද පසුගිය කාලයේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධයෙන් චීනය පසුවන්නේ කනස්සල්ලෙනි.
උතුරු කොරියාවේ ප්යොන්ග්යැන්ග් හි විද්‍යා හා තාක්ෂණ විද්‍යාලයේ සේවය කරන කිම් හක් සෝන්ග් නැමැත්තා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව උතුරු කොරියාවේ, කොරියානු මධ්‍යම පුවත් සේවය වාර්තා කළේය. කිම් හක් සොන්ග් අත්අඩංගුවට පත්ව ඇත්තේ සෙනසුරාදා දිනයේදීය.
(රොයිටර් ඇසුරිනි)
- 055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'දෙවියන් පය නොතබන තැන මුලාවට පත්වූවෝ කරනම් ගසති'