(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතේ සිදුවන අපරාධයන්හි නියම වරදකරුවන් සොයා ගැනීමට නොහැකි වුවහොත් රටේ බහුතර ජනතාව දෙමළ ජනතාව කෙරෙහි සැකයක් උපදින බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා කියයි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ කිලිනොච්චිය ඉයක්කච්චි නව වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
කිලිනොච්චි ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමටත් ජනතාවගේ ආර්ථිකය වැඩි දියුණු කරවීමේත් පියවරක් වශයෙන් රුපියල් මිලියන 14.7 ක වියදමින් මෙම නව වෙළඳ සංකීර්ණය විවෘත කිරීමට පියවර ගෙන ඇත.
‘‘පසුගියදා කිලිනොච්චියේ විඩි තැබීමේ සිද්ධියේදීත් නියම අපරාධ කරුවන් අල්ලා ගත යුතුයි එසේ නොමැති නම් රටේ ඉන්න බහුතර ජනතාව උතුර උතුරේ දෙමළ ජනතාව කෙරෙහි සැකයක් හා ක්‍රෝධයක් ඉපදවීමට හේතු වෙනවා මේ ගැන රජය අවධානය යොමු කළ යුතු බව උතුරු මහ ඇමැති පැවසීය.



COMMENTS
උතුරේ ජනතාව ගැන අපට සැක නැහැ.
හොයන්න කියනවා. හැබැයි හොයනකොට මෙයාම ජිනීවා යාවි පොලිසියෙන් සහ හමුදාවෙන් මානව හිමිකම් කැඩුවා කියලා.
උතුරේ ජනතාවට ලොකුම අපරාදය කරන්න ලැස්ති වෙන්නේ මෙයාම තමයි... ජාතිවාදය අවුස්සලා නැවතත් යුද්දයකට ඇදදාලා
තුච දෙසපාලුව අතහැරලා පොලිසියට රාජකාරිය කරන්න ඉඩදුන්නොත් ඔය වැඩය ලේසියෙන් විසදේවි.
මේ කියමනත් හරියට "මහා කකුළුවා පොඩි එවුන්ට කෙලින් යන්න" කිවුව වගේ.
පොලිස් සුනඛයන් යොදවා ඉව කලොත් උන් ගිහින් නතර වෙන්නෙ ඔය කියන කෙනාගෙ ගේ ලඟ නේ
නියම වැරදි කරුවෝ අල්ලනවනම් ඉතින් ඉස්සරවෙලාම ඔයාවම තමයි මහත්තයෝ අල්ලගන්න වෙන්නේ,