(දයාරත්න ඇඹෝගම)
දකුණේ ඉදගෙන අපිට සංහිදියාව ගැන උගන්වන ඒ ගැන උස් හඩින් බෙරිහන් දෙන පාලකයන් උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරීම පිළිබඳව වචනයක් කථා කරන්නේ නැති බවත් මේ සම්බන්ධයෙන් වහාම රජය ප්‍රකාශයක් කළ යුතු යැයි උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ අද (17) පැවසුහ.
උතුරේ පාසලක් තුළ පාසල් සිසුන් ඉදිරිපිට දී පළාත් අධ්‍යාපන ඇමැතිවරයකු ජාතික කොඩියට අවමන් කළ සිදුවීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ උන්වහන්සේ මෙසේද පැවසිය.
මෙම ක්‍රියාව අපි පිළිකුල් සහගත ලෙස හෙළා දකිනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරුම් දී රාජ්‍ය මුදල් වලින් පඩි ලබමින්, දීමනා ලබමින්.ඉන්ධන සමඟ වාහන භාවිතා කරමින් මෙසේ හැසිරෙන්න කිසිම ජගතකුට බැහැ. පසුපසු ගිය කාලේ සිංහල බෞද්ධ කොඩියට ,ජාතික කොඩියට අවමන් කිරීම් පිළිබඳව මහ හඬක් නගපු අය මේකට නිහඩ වෙලා.මේක නරක පුරවාදර්ශයක් මේ රට තවදුරටත් කොහාටද යන්නේ.දැන් සිංහල ජනතාව අවදි වෙලා ඉන්නේ. ලෝකයේ කිසිම රටක මෙවැනි දේ සිදුවන්නේ නැහැ. ත්‍රස්තවාදීන් පවා රටේ ජාතික කොඩියට ගරු කරන්න දන්නවා වුණත් මාතෘ භූමියට ගරු කරනවා යැයි උන්වහන්සේ පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ, අර ජාතික කොඩිය විකෘති කරපු කට්ටියක් හිටියේ දළදා මාලිගාව ඉස්සරහ..?
වෙනම රාජ්‍යයක සිහින දකිමින් ඉන්න අයට මේ රටේ ජාතික කොඩියට ගරුකරන්න බැහැ. අපේ දේශපාලකයින්ට මේක තේරෙන්නේ නැහැ. සමහරවිට තේරුම් ගන්න වුවමනා නැහැ. හේතුව දේශපාලන වාසි තකා මේ අනුව තවත් බලය බෙදුමක් විය හැකි විනාශය අප තේරුම් ගත යුතුය.
ටාසන්, ඔයා කැලේට වෙලා රිලවු එක්ක ඉන්න. ගොන් කතා කියන්නේ නැතුව.
වර්ධරාජට ප්‍රේමදාස ජනාධිපතිතුමා දුන්නු උත්තරේ විග්නේශ්වරන්ටත් දෙන්න කොන්ද පණ ඇති කෙනෙක් නැහැ නේ.
ඔබ වහන්සේගේ මතයට සිංහල බෞද්ධයෙක් හැටියට මා තරයේ එකඟ වෙනවා. පාසල් සිසුන් ඉදිරිපිට දී "පළාත් අධ්‍යාපන ඇමැතිවරයකු හැටියට" මොහු කල මේ ප්‍රකාශය ඉතාම නින්දිතයි. ජාතිවාදී අදහස් වපුරන මෙවැනි අය සිය ආත්මාර්ථකාමී ප්‍රකාශ පාසල් දරු දැරියන් ඉදිරියේ කරන්නේ එමගින් ඔවුන්ගේ මනස අවුල් කිරීමට බව මනාවට පැහැදිලි වෙනවා....
ජාතික කොඩියේ වටිනාකම පින්ගුත්තරයින්ට දැනෙන්නේ නැහැ. ජඩ පාලකයින් ඉන්නකම් ඔහොම තමයි.
මීට වඩා මුළු රටටම නිගා වෙන විදියේ වැඩ අපේ මැති ඇමතිලා කරන අවස්ථා මොන තරම් තියෙනවද හාමුදුරුවනේ? හාමුදුරුවරුම බුදු දහමට නිගරු දෙන දේවල් කරන වෙලාවල් කොච්චර තියෙනවද? කෝ මොන හාමුදුරුකෙනෙක් වත් මේකට මොනවාවත් කියනවද?
හාමුදුරුවනේ අපේ අයට වෙලා තිබෙන නස්පැත්තිය තමයි කෙනෙක් යම්දෙයක් කී විට කියපුදේ ගැන නොවෙයි කතා කරන්නේ අදහස දීපු කෙනාගේ පැටිකිරියයි. ඉංග්‍රීසියෙන් මේකට හොඳ කතාවක් තිබෙනවා. හාමුදුරුවන්ගේ දෙයක් හොයන්න යන්න එපා "උතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට නිගා කිරිමට විරෝධය" කතාව ඇත්තනේ සිරිසේනට ඡන්දය දීපු 62 ට මහින්ද මහතා පමණක් නොව තම ජාතිය ජන්මය ඔක්කොම අමතක වුණා. දැන් දෙමළා අපේ ජාතික කොඩියන් පස්ස පිහිදුවත් මේ අයට කමක් නැත. මොකද මේ අයට අපේ රට ගැන හැඟීමක් එන කිසිම දෙයක් ගිය පාසලක උගන්වා නැත.
විදුහලේ ප්‍රධානියා එහෙම නැත්නම් නායකයා විදුහල්පතිවරයායි. එ්නිසා මීට පසු පාසලක ජාතික කොඩිය ඔසවන සෑමවිටම ජාතික කොඩිය එසවීම විදුහල්පතිවරයා විසින් කලයුතුයි. ඔය දේශපාලකයෝ ඊළඟ මැතිවරණයෙන් දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්. අනික කට තිබුණට සමහර ඇමතිලාට ඕ ලෙවල් වත් නැහැ.
මේ කොමෙන්ට් තීරුවේ කිහිපදෙනෙක් වැරදියට අර්ථකතන දක්වමින් කරන සිංහල බොදු විරෝධී ප්‍රකාශන පිළිකුලෙන් හෙලා දකිමි.
නුවන්ට, ටාසන්ට යන්න කියන්න එපා... දෙහිවල සත්තු වත්තට දැම්මොත් අදායම ඉහල යයි.
රටේ ජාතික කොඩියට නිගා කරනවා නම් රටින් පිටුවහල් කරන්න තරම් වරදක්... නමුත් අපි ඡන්දෙ දුන්නු කිසිම දේශපාලකයෙක් කතාකරන්නේ නැහැ නේ....
මේවට විරෝධය දැක්වීමෙන් පලක් නැත. මෙය නීතිවිරෝධී ක්‍රියාවක් නම් යම් පුද්ගලයෙක් ඉදිරිපත්වී නඩුවක් ගොනුකරන්න.